Sunday, March 15, 2026
Follow Us
ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව

QR කේතය නැවත ඉන්ධන පිරවුම්හල් වෙත හඳුන්වාදීමත් සමග ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව ඇතිවන රථවාහන තදබදය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්.පී.ජේ. සේනාධීර පවසයි.

මහජනතාවගේ ඇතිවූ අනවශ්‍ය කලබලය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව දැඩි රථවාහන තදබයක් මෙන්ම දැඩි පෝලීමක් නිර්මාණය වී ඇති බවත් මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සියලුම ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පොලිස් නිලධාරීන් යෙදවීමට පොලීසිය පියවර ගෙන ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.