Monday, March 16, 2026
Follow Us
රාජ්‍ය නැකත් සීට්ටුව සඳහා එකඟතාවක්

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් නැකත් කණ්ඩායමේ සාමාජිකයින් සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව ඒකාබද්ධ නැකැත් සීට්ටුවකට එකඟතාවය හිමිව ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසයි.

අද (16) උදෑසන පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම නැකැත් සීට්ටුව රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස මුද්‍රණය කර ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, නැකැත් සීට්ටුව පළමුව මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනතාවට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන් කණ්ඩායම් දෙකක් සමඟ දීර්ඝ කාලයක් පුරා සාකච්ඡා පැවැත්වූ බවත්, ඒ අනුව අද උදෑසන මෙම අවසන් තීරණයට එළඹුණු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට ජනතාවට තමන්ගේ රුචි-අරුචි අනුව කිසිදු අවිනිශ්චිතභාවයකින් තොරව මෙම නැකැත් සීට්ටුව අනුව සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට හැකි වනු ඇති බවද අමාත්‍යවරයා පැවසීය.