හෙට (12) දින සිට පවතින වියලි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කෙරෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.