Tuesday, February 10, 2026
Follow Us
 ඊච්චලම්පත්තුව පොලිස් ස්ථානයට ගොඩනැගිල්ලක්
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ, ඊච්චලම්පත්තුව පොලිස් ස්ථානයේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිකිරීමට අනුමැතිය ලැබී තිබේ.

මෙ ව්‍යාපෘතිය ව්‍යාපෘතිය 2026-2028 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ ක්‍රියාත්මක කිරීමටත්, ව්‍යාපෘතියේ උපදේශන සේවාවන් ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය වෙතින් ලබා ගැනීමටත් සිදු වේ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ, ඊච්චලම්පත්තුව පොලිස් ස්ථානය දැනට කුඩා ගොඩනැගිලි කිහිපයක ඉතා දුෂ්කර අන්දමින් පවත්වාගෙන යනු ලබන අතර, ඒ හේතුවෙන් පොලිස් ස්ථානයේ රාජකාරි කරනු ලබන නිලධාරින් මෙන්ම සේවය ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාව ද දැඩි අපහසුතාවන්ට පත් වී ඇත.

එම තත්ත්වය මග හරවා ගැනීම පිණිස ඊච්චලම්පත්තුව පොලිස් ස්ථානය සඳහා නව පරිපාලන ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, ඒ සඳහා වන ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 75.94කි.