Tuesday, February 10, 2026
Follow Us
විෂ මත්ද්‍රව්‍ය පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික්  වැඩසටහනේ ජනතාව දැනුවත් කිරීම ඇරඹේ

‘විෂ මත් ව්‍යසනය පරදන රටම එකට’ ජාතික මෙහෙයුමේ නුවරඑළිය දිස්ත්‍රික් වැඩසටහන හෙට (11) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය, ග්‍රෙගරි උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධානය වෙමින් පවති.

ඒ අනුව රටම එකට ජාතික මෙහෙයුම සම්බන්ධයෙන් අත් පත්‍රිකා බෙදාහැරීම සහ ස්ටිකර් ඇලවීම මගින් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (09) මහ සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ නුවරඑළිය නගරයේ දී ආරම්භ විය.

මෙම වැඩසටහනට  නුවරඑළිය මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරුන් ඇතුළු මහජන නියෝජිතයින්ද, නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා නුවරඑළිය නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් නිලධාරීන්ද,තරුණ තරුණියන්ද එක්ව සිටියහ.