Wednesday, March 04, 2026
Follow Us
මෙවර අමාත්‍යධුරවල වෙනසට හේතුවක් ඇති බව කෙහෙළිය කියයි

මෙවර අමාත්‍ය ධුර වෙන් කිරීමේදී මෙරට දේශීයත්වය මුල් කර ගනිමින් අමාත්‍යාංශ වෙන් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

ඔහු පැවසුවේ එලෙස එක් එක් විෂයන් පැහැදිලිව පෙනෙන ලෙස අමාත්‍යාංශ වෙන්කර ඇත්තේ ඔවුන්ට විශේෂ වගකීම්ද පවරමින් බවයි.

එම අමාත්‍යාංශවල කටයුතු සිදුවන ආකාරය පිළිබද ඉදිරි කාලයේදී සියළු දෙනාට පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි වනු ඇතැයි අමාත්‍යවරයා සදහන් කළා.

රාජ්‍ය මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය සම්බන්ධයෙන්ද ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

එහිදී පෙන්වා දුන්නේ පෞද්ගලික මාධ්‍ය සහ රාජ්‍ය මාධ්‍ය අතර තරගකාරීත්වයක් ඇති කර ජය ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

(Neth)