Wednesday, March 04, 2026
Follow Us
පාසල්වලට පැනවූ සීමා ලිහිල් කෙරේ

සිසුන් 200 වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් දුන් උපදෙස් ලිහිල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ අවධානය යොමුකරමින් මෙම පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

දිවයින පුරා පාසල්වල අධ්‍යයන කටයුතු පසුගිය 10 වන දා ආරම්භ කෙරුණු අතර සිසුන් 200ට වැඩි පාසල්වල එක් එක් ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල වෙත කැඳවිය යුතු දින අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත් කර තිබුණි.

ලබාදී ඇති සෞඛ්‍ය සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් පවත්වාගෙන යා හැකි නම් සිසුන් සාමාන්‍ය පරිදි ගෙන්වා ගැනීමට බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

(Aruna)