Thursday, March 05, 2026
Follow Us
කෝවිඩ් ආසාදිතයෙකු නොවී සිටීමට වගබලා ගත යුතුයි

කොවිඩ් ආසාදිතයින් නොවී සිටීමට සියලු හමුදා සාමාජිකයින් වගබලාගත යුතු බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

රටේ ජනතාව ආරක්ෂා කිරීම තම වගකීමක් බැවින් එය ඉටු කිරීමට තමන් සෞඛ්‍ය ආරක්ෂිතව සිටිය යුතු බව ඔහු පවසයි.

කුරුවිට ගැමුණුහේවා බලකා රෙජිමේන්තුවේ පැවැති උත්සවයකට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව ප්‍රකාශ කළේය.

(Aruna)