Thursday, March 05, 2026
Follow Us
මැතිවරණ කොමිසමේ නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක්

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් සහ පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වෙනවා.

එළඹෙන මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ.

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද හෝ හෙට (18) නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කළ ජා ඇළ පොලීසියේ ස්ථානාධිපතිවරයා, පොලිස් මූලස්ථානය වෙත මාරුකර තිබෙනවා.
ඒ, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසමෙන් කළ ඉල්ලීමකට අනුවයි.

(Neth)