Thursday, March 05, 2026
Follow Us
එජාප නායකයාට සුව ඇමැතිනිය පිළිතුරු දෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, ලෝක බැංකුවෙන් සහ යුරෝපීය සංගමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංයට ලැබුන මුදලක් පිළීබදව දැක්වු අදහස් පිළිබදව සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කරුණු දක්වමින් මෙම අදහස් පළ කරන ලදි.

මේ පිළිබදව අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය - “රනිල් වික්‍රමසිංහ මහත්තයා හරියට ප්‍රශ්ණ අහන්න ඉගෙන ගත්තොත් හොදයි. එක සැරයක් එතුමා ලොකු බොරුවක් කිව්වා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රුපියල් කෝටි 4200 ක් අපිට ලැබුනා කියලා. ඒ වෙලාවේ මම එතුමාට ඒ පිළිබද පිළිතුරු දුන්නා.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට ලැබුනේ ඩොලර් මිලියන 02 ක් විතරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයයි ලෝක බැංකුවයි කියන්නේ දෙකක්. ලෝක බැංකුවෙන් අපිට ලැබිලා තිබෙනවා ඩොලර් මිලියන 128 ක්. එය ලැබිලා තියෙන්නේ අවුරුදු 03 කට. මේ අවුරුද්දට අපට ලැබිලා තිබෙන්නේ ඩොලර් මිලියන 22 ක් පමණයි.

ඒ වගේම එතුමා යුරෝපීය සංගමයෙන් ලැබුන මුදලක් ගැන කථා කරනවා. යුරෝපීය සංගමයෙන් අපිට සතයක්වත් මුදල් ලැබිලා නැහැ. එතුමා මේ ගැන කිහිප වතාවක්ම මාගෙන් ප්‍රශ්ණ කරනවා. මට උත්තර දෙන්න කියනවා. එතුමා කියන කියන සැරේට මම උත්තර දෙනවා. මෙතනින් එහාට එතුමාට මට කියන්න තියෙන්නේ මීට වඩා මේ ප්‍රශ්ණයට මගේ කාලය නාස්ති කරන්න බැහැ කියලා.” යැයි පැවසීය

(news.lk)