Saturday, March 07, 2026
Follow Us
ඊයේ කොරෝනා රෝගීන් 21න් 19ක් නාවික හමුදාවේ. අනෙක් දෙදෙනා ලන්ඩනයෙන් පැමිණි අය

ඊයේ (17) දිනයේ මෙරටින් වාර්තා වුණු කොරෝනා වෛරස් ආසාදිතයින් 21 දෙනා අතරින් 19 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එනෙකුත් දෙදෙනා පසුගියදා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට මෙරටට පැමිණ දැනට නිරෝධායන මධ්‍යස්ථානයක රැඳී සිටින අය බවයි ඒ මහතා සඳහන් කළේ.

මෙතෙක් මෙරටින් හඳුනාගත් කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 981ක් වන අතර මේ වනවිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන කොරෝනා රෝගීන් සංඛ්‍යාව 434කි.

(LNW)