Sunday, March 08, 2026
Follow Us
තෝරාගත් ගමනාන්තයන් සඳහා විදෙස් තැපැල් සේවාව යළිත්

තෝරාගත් ගමනාන්තයන් කිහිපයක් සඳහා විදෙස් තැපැල් සේවාව යළි ආරම්භ කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, විදෙස් තැපැල් ලිපි සහ භාණ්ඩ තෝරාගත් ගමනාන්තයන්ට ගුවන් මගින් සහ මුහුදු මගින් ගෙන යාම සඳහා භාර ගැනීම අද (15) සිට ආරම්භ වූ බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ.

ඒ අනුව හොං කොං, චීනය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව, කටාර්, ජර්මනිය සහ ඉන්දියාව සඳහා ගුවන් තැපැල් සේවය නැවත ආරම්භ වෙනවා.

ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙම සේවාවන් කි‍්‍රයාත්මක කිරීමේදී ප‍්‍රමාදයන් සිදුවිය හැකි බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)