අද උදෑසන වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර දැනට රෝහල් ගත කොට ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 5630ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
මන්නාරම ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඞී. විනෝදන් මහතා මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ ඉන්දියානු ජාතිකයින් සමග සෘජු සම්බන්ධකම් පවත්වන මන්නාරමේ ගම්මාන සියල්ල මේ වන විට හඳුනාගේ ඇති බවත් මින් ඉදිරියට සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් පිළි නොපදින පිරිස් සිටින ගම්මාන හුදෙකලා කරන බවත්ය.
මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයක සාමාජිකයකුගෙන් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බවත්. යුක්රේන් කණ්ඩායම නිරෝධායනයට ලක් කර සිටි සීදුවේ පිහිටි තරු හෝටලයක නිරෝධායනය නොවූ සේවකයින්ගෙන් වෛරසය ව්‍යාපිත වී ඇති බවත් බුද්ධි අංශ වාර්තා උපුටා දක්වමින් අපි පසුගිය 26 වැනිදා අනාවරණය කළෙමු.
මාරවිල මූලික රෝහලේ කොරෝනා ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් මියගොස් ඇත.
මෙරට වායු දූෂණ මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කොල්ලූපිටියේ පිහිටි එක්ස්ප්ලෝර් ලංකා ආයතනයේ සේවකයින් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. එමෙන්ම කොම්පඤ්ඤවීදීයේ පිහිටි පෞදගලික ආයතනයක ප‍්‍රධාන කාර්යයාලයේ සේවකයින් දෙදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.
කොග්ගල ප්‍රදේශයේ පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරනු ලබන සේවිකාවට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරු වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි ප්‍රකාශ කර සිටිනවා.
කොවිඩ්19 වෛරස වසංගතය රට පුරා දිස්ති‍්‍රක් විසිතුනක් දක්වා පැතිර යමින් ඇතිවී තිබෙන භයානක තත්ත්වය හමුවේ පෑලියගොඩ පිහිටි මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මතුවූ කොරෝනා පොකුරේ පැතිරීම පාලනය කර ගැනීමට ඊයේ (29 වැනිදා) දිනය වන විටත් සෞඛ්‍ය බලධාරීහු දැඩි වෙහෙසක් ගනිමින් සිටියහ.
නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ මේ වන විට රුධිර හිඟයක් පවතින බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ පවසයි.
පසුගිය ඔක්තෝම්බර් මස 21 හා 22 යන දිනවල පාර්ලිමේන්තු සංකීර්ණයේ මාධ්‍ය මධ්‍යස්ථානයෙහි සිට මාධ්‍ය ආවරණ කටයුතු වල යෙදුණු ජනමාධ්‍යවේදීන්ට වහාම ස්වයං නිරෝධායනයට ලක් වන ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
A Sunday Times journalist has tested positive for the coronavirus, Wijeya Newspapers Limited said.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්,ශ්‍රී ලංකාවේ කොවිඩ්19 වෛරසය ආසාදනයෙන් සිදුවිය හැකි මරණ සංඛ්‍යාව ඉහළ යාමේ බරපතල තත්ත්වයක් පවතින බව රජය මෙන්ම ජනතාවද අවබෝධ කරගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියේය.
බස්නාහිර පළාතට නිරෝධායන ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වුවත් ඇදිරි නීති බලපත‍්‍ර ප‍්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් නිකුත් කිරීමට අවසර ලබාදී නැහැ.
The Jayawardanapura University is conducting an examination over the rapid spread of Covid-19 from three clusters, Army Commander Shavendra Silva said.
හම්බන්තොට කොරෝනා රෝගීන් සඳහා වෙන්කර ඇති හම්බන්තොට පැරණි රෝහලේ වෛද්‍යවරුන් හා හෙද සේවක සේවිකාවන් කිහිපදෙනෙකු ඊයේ (28 වැනිදා) පස්වරුවේ වැඩ වර්ජනයක නිරත වූහ.
වස්සාන කාලයේ පෙර වස් එළැඹුනු භික්ෂූන් වහන්සේ කුසල් දම් පුරා තෙමසකින් වස් පවාරණය කරන වප් පුර පසළොස්වක පොහොය වන්නේ අදයි.
බස්නාහිර පළාත සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ දුම්රිය ධාවනය පිළිබඳ එම දෙපාර්තමේන්තුවේ, සාමාන්‍යාධිකාරීවරයා නිවේදනයක් නිකුත් කර තිබේ.
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඔක්තෝබර් 29 දින සිට නොවැම්බර් 2 වැනිදා දක්වා වසා දැමීමට තීරණයක් ගෙන ඇති බව එහි කළමනාකරු ලසන්ත සංජීව පැවැසීය.
Page 537 of 763