ලොව රටවල් 188ක මේ වන විට ව්‍යාප්ත වෙමින් තිබෙන කොවිඩ් -19 වසංගත ව්‍යාප්තියට සොබාදහම විසින්ම පිළියමක් ලබාදී ඇති බව වෛද්‍ය රාජේන්ද්‍ර විජේතුංග මහතා පවසයි.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා නිපදවූ විශේෂ එන්නත් දෙකක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට සැරසෙන බව වාර්තා වෙයි.
දිවයින පුරා විසිරී සිටින ත්‍රිරෝද රථ රියැදුරන් ලක්ෂ 08ක් සිය රැකියාවේ යෙදීමට නොහැකිව අසරණ තත්ත්වයට පත්ව ඇති බවත් ඔවුන් වෙනුවෙන් සහන ලබාදීමට රජය මෙතෙක් කටයුතු කර නොමැති බවත් සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි.
දැනට ලොව පුරා පවතින කොවිඞ් මරණ අනුපාතය ලබන වසරේ අපේ‍්‍රල් මාසයේ පමණ සිට සියයට 30 කින් පහත බසිනු ඇති බව අනාවරණ වී තිබෙනවා.
හුදෙකලා කොට ඇති ප්‍රදේශවල ජනතාව සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරිම සඳහා අද සවස සිට ගුවන් හමුදාවේ සහය ඇතිව ඩ්‍රෝන යානා උපයෝගී කර ගනිමින් විශේෂ මෙහෙයුමක් දියත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
සංචරණ සීමා පැනවීමෙන් පසුව බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට ගොස් සිටින පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට තිරණය කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.
කොළඹ නගර සීමාවේ කොවිඞ් ආසාදිතයින් තිස්දහසක් පමණ සිටිය හැකි බවට පුරෝකථනය කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.
කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි විදෙස් ගත ලාංකිකයන් 51දෙනෙකු අද(12) අලුයම දිවයිනට පැමිණ තිබේ.
පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය හා තැපැල් දෙපාර්තමේන්තුව විසින් එක්ව ක්‍රියාත්මක කළ විද්යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එකතු කිරීමේ සතිය තුළ තැපැල් කාර්යාල 600ක් මගින් නිවෙස් වල ගොඩ ගසා ඇති එම අපද්‍රව්‍ය එක්රැස් කළේය.
කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් පිළිබඳව මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබුණත් මේ මොහොත වනවිටත් එම එන්නත් පිළිබඳව 100%ක විශ්වාසයක් තබා කටයුතු කළ හැකි වාතාවරණයක් නොමැති බවත් බොහෝවිට එම එන්නත් සාර්ථක වුවත් ශ්‍රී ලංකාවට පැමිණීමට 2021 මාර්තු හෝ අප්‍රේල් මාසය දක්වා කාලයක් ගතවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
The dual COVID-19 cluster that emerged from Divulapitiya and Peliyagoda has exceeded 12,000 cases, with 373 persons testing positive yesterday.
The Department of Railways has announced that all passenger trains on Nov. 14 and Nov. 15 will be cancelled.
අපරාධ පරීක්ෂණ දෙපර්තම්නේතුවේ සේවය කරමින් සිටි විමර්ශන නිලධාරීන් 19කට ස්ථාන මාරු වීම් ලබා දී තිබේ. එම නිලධාරීන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු, පොලිස් පරීක්ෂකවරු,උප පොලිස් පරීක්ෂකවරු,පොලිස් සැරයන්වරු යන නිලයන්ට අයත් පිරිමි හා කාන්තා නිලධාරීන් වන බව සඳහන්.
දෛනික ජීවිතයේදී අපි භාවිත කරන මුදල්, ලිපි ලේඛන ආදියෙහි තිබිය හැකි කොවිඩ් -19 නව කොරෝනා වයිරසය පහසුවෙන් විනාශ කළ හැකි උපකරණයක් මාතර, වැලිගම පදිංචි නව නිපැයුම්කරුවකු විසින් නිර්මාණය කර ඇත. කැලුම් වාදසිංහ නමැති මෙම නව නිපැයුම්කරු මීට පෙරදීද නව නිපැයුම් රැසක් මෙරටට දායාද කළ අයෙකි. ඔහු නාවික හමුදාව සමග එක්ව නව නිපැයුම් රැසක් නිර්මාණය කිරීමට සමත් වූවේය. ඒ අතරින් බහුතරය ආරක්ෂක උපාංගයන්ය.
කොවිඩ් – 19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම් හි ඉදි කරන ලද ඇඳන් දෙසීයක් සහිත රෝහල ඊයේ (11දා) විවෘත කෙරිණි.
මුඛ ආවරණ නොමැතිව සමාජයේ සැරි සැරීමේ වරදට මේ වන විට පුද්ගලයින් 125 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
Page 528 of 763