බදුල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 89ක් බවට පත්ව ඇති අතර පුද්ගලයන් 1,600 කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමුකර ඇත.
ඉකුත් 15 වැනිදා සවස කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න සිගරැට් කොටයක් නිසා පැතිර ගිය බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ගිනි විශේෂඥවරයාගේ මූලික විමර්ශනවලදී තහවුරු වී ඇති බව වාර්තා වේ.
All schools in the Trincomalee Education Zone will remain closed from today until further notice, Eastern Province Governor Anuradha Yahampath said.
ගාල්ල දේද්දුගොඩ ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත තිදරු පියාගේ මරණය සම්බන්දව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමාගේ උපදෙස් පරිදි කටයුතු කරණ ලෙසත් එම නියෝගය ලැබෙන තෙක් මෘත දේහය අධිශිතකරණයක තැන්පත් කර තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය නියෝග කළාය.
ආනයන තහනමට පෙර බදු සහන බලපත්‍ර යටතේ රථවාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කළ වෘත්තිකයන් 300 ක් පමණ රථවාහන නැව්ගත කිරීමට රජයෙන් අවසර ඉල්ලා තිබේ.
The National Building Research Organization (NBRO) today issued landslide warnings for Kandy, Matale and Nuwara Eliya districts.
A country-wide special operation has been initiated by the police from yesterday until January 5, 2021 to apprehend those who violate quarantine health regulations and traffic laws, police said.
කොවිඩ් පාලනය කිරීම සඳහා රජය නිර්දේශ කර තිබූ කෑගල්ල ධම්මික බණ්ඩාර හඳුන්වා දුන් දේශීය ඖෂධයක් බව කියන ‘පැණිය’ ජාතික පර්යේෂණ සභාවට ලැබී නැතැයි එම සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ පැවැසීය.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසා සිටින අන්දමට රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අඛණ්ඩව සිදුකරන අතර එම පුද්ගලයින්ගෙන් ආසාදිතයින් 5 දෙනෙකු පමණ දෛනිකව හඳුනාගැණෙයි.
ඉදිරි දින දහය ඇතුළත කොළඹ දිස්ත්‍රික්කයේ ජන ඝනත්වය අධික ප්‍රදේශ ඉලක්ක කරගෙන ඇන්ටිජන් පරීක්ෂාව කිරීමට රජය උපදෙස් දී ඇත.
මෝදර. රජමල්වත්ත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක සිටින 95 දෙනෙකු අතරින් 45 දෙනෙකුටම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව කොළඹ මහ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.
කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු පමණ ගෙලිඔය නගරාශ්‍රිතව හඳුනා ගෙන තිබේ. එනිසා නගර සිමාවේ ඇති වෙළද සැල් අද (21) සිට දින 3 ක් වසා දැමිමට තීරණය කර ඇති බව ගෙලිඔය එක්සත් ජණාදර වෙළද සංගමයේ සභාපති එම් එස් එම් සිල්වා මහතා සඳහන් කර ඇත.
යළි හුදෙකලා කරන ප්‍රදේශ, හුදෙකලා බව ඉවත් කරන ප්‍රදේශ සහ තවදුරටත් හුදෙකලා බව පවත්වාගෙන යන ප්‍රදේශ පිළිබඳ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය විසින් දැනුම් දී තිබේ.
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ විවෘත කළ මතභේදයට තුඩු දී තිබෙන මස් සැකසුම්ගාරය ආසියාවේ විශාලතම මස් සැකසුම්ගාරය බවත් ඒ හරහා ලෝක මස් අවශ්‍යතාවයෙන් 10%ක් සැපයීමට සූදානමින් සිටින බැවින් එය බරපතළ ලෙස සැලකිය යුතු බවත් Rights for Animals and Nature සංවිධානයේ සභාපති රාමඤ්ඤ නිකායේ දක්ෂිණ ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් පෙන්වා දෙයි.
A spike in the number of coronavirus related deaths is expected in January, health experts said.
රිය අනතුරු අවම කිරීම ප‍්‍රධාන අරමුණ කරගත් විශේෂ පොලිස් මෙහෙයුමක් අද සිට මුලු දිවයිනම ආවරණය වන පරිදි ක‍්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Page 509 of 764