ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ සත්කාරක ව්‍යපෘතිය යටතේ නිපදවනු ලබන වෛද්‍ය ශ්‍රේණියේ ප්‍රති ආශ්‍රැතිකරණ යන්ත්‍රයක් රත්නපුර ශික්ෂණ රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකයෙහි ස්ථාපනය කිරීම ඊයේ (31) වන දින සිදුකෙරිණි.
සත්‍යය සහ සංහිඳියා යාන්ත්‍රණය සඳහා වූ අන්තර්වාර ලේකම් කාර්යාලයේ (ISTRM) වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කිරීම ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
2024 කාන්තා පන්දුවාර විස්සයි-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරගය ප්‍රභල ඉන්දීය කණ්ඩායම පරදවමින් කඩුලු 8 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(28) සමත් විය.
එංගලන්ත සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු මැතිව් මොට් නුදුරු දිනකදී සිය තනතුරෙන් ඉවත්වීමට නියමිතව ඇති බවත්, ඔහුගෙන් පසු හිස්වන එම තනතුර හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර හට හිමිවීමට ඉඩක් පවතින බව එංගලන්ත මාධ්‍ය වාර්තා කර ඇත.
ඊශ්‍රායලයේ කෘෂි අංශයේ සේවය බලා පිටත්ව යන මීළඟ කාණ්ඩයට අයත් ශ්‍රමිකයින් 21 දෙනෙකු සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර ලබා දීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
මෙරට ප්‍රථම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී පුහුණු පාසල ඊයේ (27) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් කලුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ දී විවෘත කෙරිණි. එයට අමතරව දුරස්ථ අධ්‍යාපන ඒකකය ද ලේකම්වරයා අතින් විවෘත විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කළ ආකාරයෙන් උපරිම දක්ෂතා දක්වන්නේ නම් ලොව ඕනෑම කණ්ඩායමක් පරාජයට පත් කිරීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, පසුගියදා(28) අවසන් වූ කාන්තා ආසියානු කුසලාන තරඟාවලියෙන් පසු අදහස් දක්වමින් පැවසුවාය.
CEO WORLD සඟරාවට අනුව "ජීවිත කාලය තුළ සංචාරය කළ යුතු ලොව හොඳම රටවල් ලැයිස්තුවේ" පස්වන වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබේ.
2024 කාන්තා පන්දුවාර විස්සයි-20 ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරයින් තීරණය වන අවසන් මහා තරඟය අද(28) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා.
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි-20 තරඟාවලියේ තුන්වන හා අවසන් තරඟය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ(30) සමත් විය.
සුරකිමු ලකඹර තේමා කර ගනිමින් ශ්‍රි ලාංකීය ලක් අඹර සුරකිමින් දේශයේ ස්වෛරීත්වය ආරක්ෂා කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කාර්ය්යට උරදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයෙකු, සමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්වන අංක 78 වන ශිෂ්‍ය නිලධාරී පාඨමාලාව (වෛද්‍ය, නීති, සිවිල් ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ඉංජිනේරු, ගුවන් හා සාමාන්‍ය ඉංජිනේරු) සහ අංක 35 කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ කෙඩෙට් නිලධාරී පාඨමාලාව (වෛද්‍ය) හැදෑරූ නිළධාරීන්, නිළධාරිනියන් අධිකාරියට පත් කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී අද (29) අභිමානවත් අයුරින් සිදු කෙරුණි.
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඊයේ(27) ආරම්භ වූ විස්සයි-20 තරඟාවලියේ පළමු තරඟයෙන් ලකුණු 43ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
තැලසීමියා රෝගී සත්කාර කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දක්වන ලද සුවිශේෂි දායකත්වය සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ඇගයීමට ලක් කිරීමේ විශේෂ උත්සවයක් අද (29) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි.
උතුරු පළාතේ නිෂ්පාදනය කරන මිලෙන් අඩු පලතුරු කොළඹට ගෙන්වා පාරිභෝගිකයින්ට සහන මිලකට ලබාදීමේ වැඩපිළිවළෙක් නුදුරේදීම ක්‍රියාත්මක කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පවසයි.
පොල් වගාවට අදාළ සුදු මැස්සා රෝගය ඇතුළු කවර ගැටලුවක් වුවත් ගොවි ජනතාවට ඝෘජුවම දැනුම් දිය හැකි ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක් ලබා දෙන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පොල් වගා කිරීමේ මණ්ඩලයට උපදෙස් දුන්නේය.
ආසියානු කාන්තා ක්‍රිකට් ශූරතාවය දිනා ගැනීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
2024 කාන්තා පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර අවසන් පූර්ව තරඟය කඩුලු 3 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(26) සමත්විය.
Page 50 of 726