Monday, January 19, 2026
Follow Us
සත්ව පාලනය හා ඒකාබද්ධ වූ සූර්ය බලාගාරය ඉතාම ආදර්ශවත් ව්‍යාපෘතියක්
ගැල්ක්සි රිනිවබල් සමාගම විසින් මීරිගම ප්රදේශයේ ඉදිකළ මෙගාවොට් 2ක ධාරිතාවයෙන් යුතු සත්ව පාලන (කුකුළු) ගොවිපලේ වහල මත සවිකළ සූර්ය පැනල හරහා විදුලි ජනනය කරන සූර්ය විදුලිබලාගාරයක් පසුගියදා (19) විවෘත කෙරිණ.
ඒ බලශක්ති අමාත්ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙනි.
 
මෙහි දී අදහක් දැක්වූ අමාත්යවරයා,
“මේ ව්යාපෘතියේ මා දැකපු විශේෂතම ලක්ෂණය සත්ව පාලනය එහෙම නැත්තං කුකුල් ගොවිපළට බද්ධවෙලා කුකුල් කූඩුවල වහලමත සවි කරපු සූර්ය පැනල භාවිතයෙන් විදුලි නිෂ්පාදනය කරන එක. මේ ආකාරයේ ලංකාවේ සමහර විට එකම ව්යාපෘතිය මේක”