පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද(04) පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ වැලිගම මිදිගම ප්‍රදේශය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ හෙරොයින් සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය බෙදාහරින කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් ඇති බවට හඳුනාගෙන තිබෙන බවයි.
රුපියල් කෝටි තිස් නවයක් වැය කර මිල දී ගෙන ඇති ටැබ් පරිගණක අදාළ පාසල්වලටම බෙදා හැරීමට කලින් ගෙන තිබූ තීරණය වෙනස් කිරීමට යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ විභාග අපේක්ෂකයකු ලෙස පෙනීසිටි පුද්ගලයකු මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිතයාගේ රුධිර සාම්පල් පරික්ෂා කිරීමක් සඳහා අද දිනයේදී ලබාගෙන තිබෙනවා. එලෙස වෛරසය ආසාදනය වූ එම රෝගියා මේ වන විට සුවය ලබා සිටියත් ඔහුගේ ශරීරයේ ප්‍රතිදේහජනක පරික්ෂා කිරීම සඳහා අද දිනයේ දී රුධිර සාම්පල් ලබා ගැනීම සිදුකරනු ලැබුවා. ඒ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේදී.
වේල්ලවීදියේ ගමන් බෑගයේ තිබී හමු වූ හිස නැති කාන්තා මළකඳ හඳුනාගැනීමට මහජන සහය පතා ප්‍රසිද්ධ කළ දුරකථනයට පෙරේදා (2 වැනිදා) දිනයේ පමණක් දුරකථන ඇමැතුම් 200ක් පමණ ලැබී ඇත.
A batch of 266 Sri Lankan expatriates who were unable to return to Sri Lanka due to harassment by their employers, arrived at the BIA from United Arab Emirates (UAE) this morning, Airport Duty Manager said.
ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වූ රෝගීන්ටත් කොවිඩ් එන්නත ලබාදීමට බ්‍රිතාන්‍යයේ පියවරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
"මකොළඹ, වේල්ල වීදියේ ගමන් බෑගයකින් හමුවූ 30 හැවිරිදි කාන්තාවගේ හිස කොටස මේ දක්වා සොයා ගෙන නොමැති බව පොලිසිය පවසනවා. මේ හේතුවෙන් එම කාන්තාවගේ හිස සොයා අඛණ්ඩව පොලිසිය මෙහෙයුම් සිදුකරනු ලබනවා.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවෙහි සාක්ෂි සටහන් වෙළුම් 87ක් අතරින් වෙළුම් 65ක් ජනාධිපති ලේකම්වරයා විසින් නීතිපතිවරයා වෙත ලබාදී තිබේ.
සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ් 19 රෝග පාලනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධූරයෙන් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා ඉවත් කිරීමට විරෝධය පළ කරන බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.
ණය ආපසු ගෙවීම්, පොලී අත්හිටුවීම් ඇතුළු බස් රථ හිමියන් වෙනුවෙන් ලබා දී ඇති අනෙකුත් සහන 2021 අප්‍රේල් මාසයේ සිට තවත් මාස හයක් සඳහා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාව පළ කර ඇත.
කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ ඉරණතිව් දූපතේ භූමදානය කිරීමට රජය ගත් තීරණයට එම දූපතේ වෙසෙන ජනතාව විරෝධය පළ කරනවා. මේ සම්බන්ධයෙන් අද දිනයේදී ඔවුන් යාපනයේ පිහිටි මානව හිමිකම් කොමිෂන් සභාවේ කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.
වසරකදී මෙරට ගබ්සා වීම් 48000ක් සිදුවන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පැවසීය.
ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් ඒකකය වෙත පැමිණියා. ඒ, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග පාවාදීමේ සැලසුමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
තවත් කොවිඩ් මරණ 7ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා පවසයි.
කොළඹ නගරයේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රතිශතය ජනගහනයට අනුපාතිකව ක්‍රම ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සිදුකරන ලද විද්‍යාත්මක සමීක්ෂණ මඟින් තහවුරු වී ඇති බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
වේල්ල විදිය ප්‍රදේශයේ දී ට්‍රැවලින් බෑගයක් තුල දමා තිබියදී සොයාගත් හිස නැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලදී හඳුනාගත් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර පළමුවෙන් දැක ඇත්තේ වයස්ගත පුද්ගලයකු සහ ඔහුගේ බිරිඳයි.
මෙරට දෙවන පොල් ත්‍රිකෝණය උතුරු නැගෙනහිර දෙපළාත ආශ්‍රිතව සකස් කිරීමට කටයුතු යොදන බව පොල්,කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන අපනයන විවිධාංගීකරණ රාජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු පැවැසීය.
Page 470 of 757