Sunday, November 02, 2025
Follow Us
Social and Equity

වෙළඳාම සඳහා මෙන්ම වැඩි දෙනෙකුගේ පරිභෝජනය සඳහා ආහාර නිපදවන බොහෝ දෙනෙක් ආහාරයේ ස්වස්ථතාවයට එනම් ආහාරයේ පිරිසිදුභාවයට දක්වන සැලකිල්ල අවම වන නමුත් ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජනරාල් මහතා පවසයි.

Social and Equity

කොළඹ අධ්‍යාපන කලාපයේ සියලුම පාසැල් හෙට (14) දිනයේත් වසා තැබීමට තීරණය කර තිබේ.

Social and Equity

රබර් වගාවේ නියුතු ගොවි ප්‍රජාව ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව රබර් වගා රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පරිසර, වනජීවී, වනසම්පත්, ජල සම්පාදන සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් බි.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේය.

Social and Equity

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය මගින් වාර්ෂිකව සංවිධානය කරන යල අස්වනු පූජාව ඊයේ (15) මහනුවර ශ්‍රී දළදා මාළිගාවේදී පැවැත්විනි. යල කන්නයේ ගොවි ජනයා විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර ඵලය දළදා සමිදුන් වෙත පූජා කිරීමේ අරමුණින් පැවැත්වෙන යල අස්වනු පූජාව සංවිධානය කරන්නේ  09 වැනි වරටයි.

Social and Equity

රජයට අය විය යුතු වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු දෙදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 06‍ක සිරදඬුවම් නියම කළේය.

Social and Equity

ඇමෙරිකානු ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් ඔරුගොඩවත්ත රේගු ගබඩා සංකීර්ණයෙන් සොයා ගෙන ඇති අතර මේ පිළිබඳව නිරීක්ෂණය කිරීමට පරිසර, වනජීවී, වනසම්පත්, ජලසම්පාදන. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් බී. ආර්. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (11) එම ගබඩා සංකීර්ණයට ගියේය.

Social and Equity

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආශ්‍රිතව ඉදි කොට වැඩ අවසන් කොට ඇති ශීතාගාරය ගොවිජනතාවගේ  කටයුතු වෙනුවෙන් කඩිනමින් විවෘත කරන ලෙස ගොවි සංවිධාන නියෝජිතයින් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

Social and Equity

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා නාවික හමුදාවෙන් සහන කණ්ඩායම් 10ක් කොළඹ, ගම්පහ සහ පුත්තලම් දිස්ත්‍රික්කවල යොදවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ගයාන් වික්‍රමසූරිය මහතා පවසයි. අද(14) රජයේ ප්‍රවෘත්ති  දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුට එවෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා  මේ  බව පැවසීය.

Social and Equity

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතිකයක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා ජනමාධ්‍යවේදීන් සිදුකරනු ලබන මෙහෙවර ඇගයීම සහ ඔවුන් දිරිගැන්වීම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවැනි වරටත් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.

Social and Equity

බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය විනය හේතු මත වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එරට ක්‍රිකට් මණ්ඩලය (BCB)තීරණය කර තිබේ.

Social and Equity

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා  සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි දුන්නාය.

Social and Equity

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Social and Equity

බය නැතුව හෘද සාක්ෂියට එකඟව රාජකාරිය කරන ලෙස  මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පොලිස් නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය. දේශපාලන බලපෑම්වලින් තොරව රාජකාරි කිරීම සඳහා ධෛර්යක් පොලිස් නිලධාරීන්ට තිබිය යුතු බවද අමාත්‍යවරයා පැවසීය. 

Social and Equity

කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර තරගය මේ වනවිට පැවැත්වෙයි.

Social and Equity

නෙළුම් කුලුනෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවිය, පසුගියදා කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් නිවාස සංකීර්ණයෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවාගේ හා සිසුවියගේ සමීපතම මිතුරියක් බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.

Social and Equity

024 සැප්තැම්බර් මාසයේ අයි.සී.සී ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට කමිඳු මෙන්ඩිස් සමත්ව තිබේ.

Social and Equity

ඔක්තෝම්බර් 10  දිනට යෙදුන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී සංවිධානයේ (CAN MH Lanka) මෙහෙයුම් අධ්‍යක්ෂ සුනිල් කීර්ති නානායක්කාර විසින් පසුගියදා (10 ) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරියට සමනල රුව සහිත ලාංඡනය පළඳවන ලදී.

2012 දී පිහිටුවන ලද ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවාලාභීන්ගේ ක්‍රියාකාරී සංවිධානය, මානසික සෞඛ්‍ය වෙනුවෙන් පෙනීසිටින අතර ඔවුන් මිනිසුන්ට බලපාන මානසික ආබාධ වලට මුහුණ දෙන ආකාරය පිළිබදව දැනුම ලබාදෙයි.

2013 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස 10 වන දින ලෝක මානසික සෞඛ්‍ය දිනය ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් නම් කර ඇති අතර, ලොව පුරා මානසික සෞඛ්‍යය පිළිබඳ දැනුවත් කිරීම සහ මානසික සෞඛ්‍ය ගැටලු අත්විඳින අයට සහාය වීමට උත්සාහයන් බලමුලු ගැන්වීම මෙහි අරමුණු වේ. මෙවර එහි තේමා වී ඇත්තේ "රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට මුල් තැන දෙමු" යන්නයි.

Social and Equity

සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අයිතිවාසිකමක් බවත් අප සියලු දෙනා කුමන රටක හිටියත් එම රටේ පුරවැසියන් විදිහට අපට සෞඛ්‍ය සේවාව ලැබීමේ හිමිකම ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.