ඇඹිලිපිටිය මහාධිකරණ පුද්ගලයන් 10 දෙනෙකුට අද (24 වැනිදා) මරණ දණ්ඩනය නියම කළේය.
අමානුෂික ලෙස පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහාධිකරණ පුර්වගාමී විනිසුරු බුද්ධක සී. රාගල විසින් මෙම නියෝගය ලබා දුන්නේය.
2011.10.11 දින ඇඹිලිපිටිය පොලිස් වසමේ මුල්ලෙයාය ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් විත්තිකරුවන් 12 දෙනෙකුට නඩු පවරා තිබිණි. ඉන් දෙදෙනෙකු නිදහස් කළ අතර අනෙකු 10 දෙනාට මෙම මරණ දණ්ඩනය හිමි විය.
සුභසිංහ පතිරණගේ දියෝනිස්, සුබසිංහ පතිරණගේ ආරියවතී නොහොත් හීන් නැන්දා නොහොත් ආරී, සුබසිංහ පතිරණගේ විමලදාස නොහොත් පුංචි බාප්පා, ජයවීර ආරච්චිගේ සරත් නොහොත් සරත් මාමා, සුබසිංහ පතිරණගේ අමරසේන නොහොත් කිරි බාප්පා, ජයවීර ආරච්චිගේ ශෂී කුමුදු සුරංග නොහොත් නිශ්ශංක අයියා, සුභසිංහ පතිරණගේ අන්ද්‍රයස් අප්පුහාමි නොහොත් ලොකු තාත්තා නොහොත් සොකරි ලොක්කා, සුබසිංහ පතිරණගේ දිමුතු සුරංග, සුබසිංහ පතිරණගේ චින්තා හිමාලි නොහොත් සුබසිංහ පතිරණගේ නිමාලි චින්තනී, සුබසිංහ පතිරණගේ කරණාවතී යන අයට මරණ දඬුවම නියම කෙරුණි.
2011දී මුල්ලෙගස්යාය ප්‍රදේශදී විජේසිංහ ආරච්චිගේ වර්ණ ධම්මික නයන කුමාර (30) යන අය ගලමුල් වලින්, පොරවකින්, පිහියකින් පහරදී අමානුෂික අන්දමින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කළ විත්තිකරුවන් දස දෙනෙක් සඳහා මරණ දඬුවම නියම කෙරිණි.