Another batch of 305,370 doses of "Pfizer" vaccine manufactured in the US,was brought to the country this morning, Sri Lanka Pharmaceuticals Corporation General Manager Dinusha Dasanayake said.
යුගදනවි බලගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ගන්නා වෘත්තීය ක්රියමාර්ග ලබන සතියේ තීරණය කරන බව ලංකා විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා.
T20 ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 වටයේ ශ්රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැති තරඟය කඩුලු 5කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම (24) සමත් විය.
මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය සාජා ක්රීඩාංගණයේදී අද පැවැත්වෙනවා.
මාස 03 කට අධික කාලයක් නවතා තිබූ දුම්රිය ගමන් අද සිට ආරම්භ කෙරෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ පළාත් තුළ පමණක් එම දුම්රිය ගමන්වාර ක්රියාත්මක වන බවයි. අද දිනයේ දුම්රිය ගමන්වාර 133 ක් පමණ ක්රියාත්මක කෙරෙන අතර දුම්රියේ ගමන් කළ හැක්කේ වාර ප්රවේශපත්ර හිමි දුම්රිය මගීන්ට පමණක් බවයි දුම්රිය සාමාන්යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.
තමන් ජෛව ආරක්ෂිත බුබුලෙන් ඉවතට පැමිණියේ මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේදී ශ්රී ලංකා කණ්ඩායම තරගවදින සියලු කණ්ඩායම්වලට එරෙහි සැලසුම් සකස් කිරීමෙන් අනතුරුව බව ශ්රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන පවසනවා.
වැඩවර්ජනය අවසන් කර ලබන 25 වැනිදා සේවයට වාර්තා කිරීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් තීරණය කර තිබෙන නමුත්, අරගලය දිගින් දිගටම සිදු කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා.
රසායනික පොහොර ම ඉල්ලා ගොවීන් වීදි බසිද්දී කාබනික පොහොර යොදා සාර්ථකව වගා කරන ගොවි මහතුන්ද විවිධ ප්රදේශවලින් දැක ගත හැකි වනවා.
මේ වන විට වෙළදපොලේ පවතින සීනි හිඟයට හේතුව සීනි ආනයනය සඳහා අවසර දීමට ප්රමාද වීම බව ආනයනකරුවන් පවසනවා. සීනි ආනයනය ඉකුත් මැයි මාසයේ සිට නතර කරනු ලැබුවා. ඒ අනුව මේ දක්වාම රට තුළ පාරිභෝජනය සිදු කරනු ලැබුවේ මැයි මාසයට පෙර ආනයනය කරන ලද සීනි තොගයි.
Page 367 of 769