Tuesday, March 03, 2026
Follow Us
තවත් කාබනික පොහොර සාම්පල කිහිපයක අහිතකර බැක්ටීරියා

මෙරටට කාබනික පොහොර ගෙන්වූ තවත් සාම්පල් 08ත් 10ත් අතර සාම්පලවල අහිතකර බැක්ටීරියා ද්‍රව්‍ය හදුනාගෙන ඇතැයි ජාතික ශාක නිරෝධායන සේවය පවසනවා. එහි අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි පැවසුවේ පාර්ශවකරුවන් 150ක් පමණ පොහොර මෙරටට ගෙන්වීම සඳහා ඉල්ලීම්කර ඇති බවයි.

අදාල පාර්ශවකරුවන් පොහොර වර්ග 20ක් මෙරටට ගෙන්වීමටයි සැලසුම්කර තිබී ඇත්තේ. මෙරටට කාබනික පොහොර ගෙන්වීමේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමආරච්චිගෙන් විමසීමක් කළා.

ගොවීන් පිරිසක් කාබනික පොහොර අපේක්ෂාවෙන් දැනටමත් වගා කටයුතු ආරම්භ කර ඇති අතර ඇතැම් ගොවීන් තවදුරටත් පොහොර ඉල්ලා උද්ඝෝෂණවල නිරත වනවා.

(Neth)