අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ ගැටලුව විමසීමට පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා කර තිබෙන බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි.
අම්බුළුවාව පාරිසරික කලාපයේ සිදු වූ නායයෑම් පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යෙව්දී තරිඳු ජයවර්ධන මහතා ඇතුළු තරුණ ජනමාධ්‍යවේදීන් සහ සමාජ ක්‍රියාකරුවන් පිරිසක් අද (8) පරිසර අමාත්‍යවරයා හමුවී මේ පිළිබඳ සාකච්ඡාවක් සිදු කරන ලදී.
එහි දී අම්බුළුවාව පාරිසරික කලාපයේ පාලනයට අදාළව මතු වී ඇති ගැටලුකාරි තත්ව සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පරිසර අමාත්‍යංශය නියෝජනය කරමින් විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනා විය. ඒ අනුව පරිසර අමාත්‍යවරයා විසින් මධ්‍යම පරිසර අධිකාරිය වෙත උපදෙස් ලබා දෙමින් පවසා සිටියේ මෙම පාරිසරික සංවේදී කලාපයේ පාරිසරික සංරක්ෂණයට අදාළ කොටස පිළිබඳ සැළකිලිමත් වෙමින් කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. පරිසර අමාත්‍යවරයාගේ උපදේශක පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා විසින් මෙම තත්වය සම්බන්ධව නිසි අධ්‍යනයක් සිදු කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී ඇත.
අම්බුළුවාව පාරිසරික කලාපයේ සිදු වූ නායයෑම් පිළිබඳ මාධ්‍ය වාර්තා සහ සෙසු පරීක්ෂණ වාර්තා අධ්‍යයනයෙන් පසු ජනතාවගේ ආරක්ෂාව මූලිකව සලකමින් අම්බුළුවාව කන්දට අදාළ තීරණ ගැනීමට පසුබට නොවන බව ද පරිසර අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
පරිසර අමාත්‍යංශයේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් සහ මේ පිළිබඳ මාධ්‍ය වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකරුවන් ඒකාබද්ධව අම්බුළුවාව පාරිසරික කලාපය පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක් සිදු කිරීමට ද ඉදිරි දින කිහිපයේ දී කටයුතු කෙරෙනු ඇත.
විශේෂඥයන් මඟින් විධිමත් වාර්තාවක් ලබාගැනීමෙන් පසු අවදානම් තත්ත්ව පිළිබඳ තීරණයක් ගන්නා තුරු අම්බුළුවාව කන්දේ සියලු ඉදිකිරීම් නතර කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද පරිසර අමාත්‍යාංශය විසින් පසුගිය දිනක මධ්‍යම පරිසර අධිකාරිය වෙත දැනුම් දී තිබේ.