Wednesday, January 07, 2026
Follow Us
සෞඛ්‍ය නියෝජ්‍ය ඇමති හදිසියේ කළුබෝවිල ශික්ෂණ රෝහලට යයි
 සෞඛ්ය නියෝජ්ය අමාත්ය වෛද්ය හංසක විජේමුණි මහතා පසුගිය දා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත විය.

 

මෙහි දී නියෝජ්ය අමාත්යවරයා රෝහලේ වාට්ටු, සායන පරිශ්රය, බාහිර රෝගී අංශය,රසායනාගාරය,හදිසි ප්රතිකාර අංශය ඇතුළු අංශ නිරීක්ෂණය කරනු ලැබු අතර රෝහල් කාර්යමණ්ඩලය මෙන්ම ප්රතිකාර ලබා ගැනීමට පැමිණි ජනතාව සමග ද කතා බහක නිරත වෙමින් පවතින ප්රායෝගික ගැටලු පිළිබදව ද විමසීය.
 
නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් පරිපාලනය සමග විශේෂ සාකච්ජාවක නිරතවූ නියෝජ්ය අමාත්යවරයා රෝගී ප්රතිකාර සේවාවන් තවතවත් විධිමත්ව පවත්වාගෙන යාම සදහා ඔවුන්ගෙන් දීර්ඝව කරුණු විමසමින්, පවතින ගැටලුවලට විසදුම් ලබා දීමට ද පියවර ගත්තේය. එම මොහොතේ විසදුම් ලබා දීමට නොහැකි ගැටලුවලට ඊට අඳාළ නිලධාරීන් දුරකතනයෙන් සම්බන්ධකරගනිමින් එම ගැටලු නිරකරණය කිරීමට ද එම මොහොතේම පියවර ගත්තේය.
 
අදියරෙන් අදියර රෝහලම ආරවණයවන පරිදි ඩිජිටල්කරණය කිරීම, ඒ තුළින් බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගී ජනතාවට කෙටි කාලයක් තුළදී ප්රතිකාර සේවාවන් ලබා ගැනීම, නේවාසික රෝගීන්ට අවශ්යවන වෛද්ය පරීක්ෂණ විධිමත්ව, කඩිනමින් ලබා දීම, සෞඛ්ය කාර්ය මණ්ඩලයට අනවශ්ය පීඩනයකින් තොරව යහපත් මනසික සෞඛ්ය තත්ත්වයකින් රෝගී සත්කාර සේවාවන් සිදුකිරීමට අවශ්ය පරිසරය සකස් කිරීම, වැනි කරුණු පිළිබඳව මෙහි දී විශේෂ අවධානයක් යොමුකෙරිණි.
 
කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල 1960 වර්ෂයේ ආරම්භකර ඇති අතර එය 1995 වර්ෂයේ ශික්ෂණ රෝහලක් ලෙස උසස්කර ඇත. මේ වන විට රෝහලේ ඇදන් ධාරිතාවය 1281වන අතර 2956ක කාර්ය මණ්ඩලයක් එහි සේවය කරනු ලබයි. කොළඹ ජාතික රෝහල හැරුණුවිට කොළඹ දිස්ත්රික්කයේ වැඩිම රෝගී ප්රතිකාර,සත්කාර සේවාවක් සපයන ප්රධාන රෝහල මෙම රෝහල වේ.