දෑත් පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙනු ලබන විෂබිජනාෂක දියර පානය කරනු ලැබු ඉරාන ජාතික රැඳවියන් දෙදනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසරිස් (පාලන) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටිනවා.
රැඳවියෙකුට පහරදීමේ සිද්ධියකට අදාලව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 05 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.
මිල්කෝ ආයතනය හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 90කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ. එහි නව මිල රුපියල් 470 ක්.
උසස් පෙළ සිසුන්ගේ එන්නත්කරණ වැඩසටහන සදහා තමන් ඍජු මැදිහත්වීමක් සිදු නොකරන බව ගුරු විදුහල්පති සංගම් පවසනවා.
ඉන්දියාවේ බලපෑම මත උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජීවන් ත්‍යාගරාජා පත් කර ඇති බවට සැක මතුවන බව දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරය පවසනවා.
ඊයේ (14) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 674ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ගැබිණි මව්වරුන් සඳහා කාලසටහනට අනුව කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක නොකර එය දිනපතා ක්‍රියාත්මක කරන්නැයි නාරි හා ප්‍රසව රෝග විද්‍යායතනය සෞඛ්‍ය අංශවලින් ඉල්ලීමක් කරනවා.
Page 344 of 741