Wednesday, March 04, 2026
Follow Us
තැපැල් සේවකයන් පස්වරුවේ සිට වර්ජනයක

ගැටලු කිහිපයක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති 23ක් අද පස්වරු 04 සිට හෙට මධ්‍යම රාත්‍රී 12 දක්වා සංකේත වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකයින්ට සහ ආයතනයට බලපාන ගැටලුවලට විසදුම් ලබා ගැනීමේ අරමුණින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පැවසුවේ. සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද දිනයේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාවක් ද පැවැත්වෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියා.

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකළහොත් තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

(Neth)