Wednesday, March 04, 2026
Follow Us
නත්තල් දවසේ අරක්කු විකුණන්න ඉල්ලයි

සංචාරක සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක්


නත්තල් දිනයේදී සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් ගිමන්හල් / හෝටල් වෙත මත්පැන් අලෙවි කිරීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් නත්තල් දිනයේ මත්පැන් අලෙවි කිරීම තහනම් කර තිබෙන අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙසේ නත්තල් දිනයේදී මත්පැන් අලෙවියට අවසර ඉල්ලා ඇත.

මේ සඳහා ඉල්ලීම මුදල් අමාත්‍යාංශයට යොමුකර ඇති අතර මුදල් අමාත්‍යාංශයේ තීරණය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ.

(Aruna)