අධික මිල ගණන් යටතේ සිමෙන්ති අලෙවි කිරීම හේතුවෙන් ඉදිකිරීම් ව්‍යාපෘති අත්හිටුවීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි පැවසුවේ ගිවිසුම් ප්‍රකාරව ආයතන ප්‍රධානීන් වෙත දැනුම්දී ව්‍යාපෘති අත්හිටුවන ලෙස සිය සංගමයේ සාමාජිකයන් දැනුවත් කර ඇති බවයි.
The death toll from the adverse weather conditions has increased to 20, while five people have been injured and one person is missing, the Disaster Management Centre (DMC) said today.
කාන්තාවක් ඝාතනය කර ගමන් බෑගයක දමා සපුගස්කන්ද ප්‍රදේශයේ කසල ගොඩකට දමා යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.
මෙරටට කාබනික පොහොර ගෙන්වූ තවත් සාම්පල් 08ත් 10ත් අතර සාම්පලවල අහිතකර බැක්ටීරියා ද්‍රව්‍ය හදුනාගෙන ඇතැයි ජාතික ශාක නිරෝධායන සේවය පවසනවා. එහි අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය තුෂාර වික්‍රමආරච්චි පැවසුවේ පාර්ශවකරුවන් 150ක් පමණ පොහොර මෙරටට ගෙන්වීම සඳහා ඉල්ලීම්කර ඇති බවයි.
Committee on Public Enterprises (COPE) Chairman Prof. Charitha Herath has summoned the Board of Investment (BOI) tomorrow.
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියරට අදාළ ක්‍රීඩක කෙටුම්පත් කිරීම හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද සිදු කෙරෙනවා.
නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයට ගල් අගුරු ලබා ගැනීමේ ටෙන්ඩර් දෙකක් හදිසියේ අවලංගු වී තිබෙනවා. නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙලි වුණේ රට තුළ පවතින ඩොලර් ප්‍රශ්ණය මීට හේතු වී ඇති බවයි. අදාල පාර්ශවයන් විසින් මෙරට සමග ණයවර ලිපි විවෘත කිරීමේ අවිනිෂ්චිත භාවය පෙන්නුම් කර ඇති බවද වාර්තා වනවා. එමෙන්ම ගල්අගුරු වෙනුවෙන් අත්පිට මුදල් ඉල්ලා ඇති බවටයි වාර්තා වන්නේ.
ඊයේ (09) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 718ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
කෑගල්ල, ගලිගමුව, හත්නාගොඩ ප්‍රදේශයේ නිවෙසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් දෙදෙනෙක් අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එම අනතුරින් තුවාල ලැබූ එක් අයෙකු බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා.
The death toll from the adverse weather conditions has risen to 11, including five deaths reported from the Rambukkana area in Kegalle district, the Disaster Management Centre (DMC) Deputy Director Pradeep Kodippili said.
Page 338 of 749