Tuesday, September 01, 2026
Follow Us
ශ්‍රී පාද කරුණාවට විශාල පිරිසක්

නොමිලේ දුම්රියෙන් ගිය වන්දනාකරුවන්


සති අන්ත නිවාඩුව සහ නත්තල නිමිත්තෙන් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිම සදහා උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට විශාල වන්දනාකරුවන් පිරිසක් (25) දින පැමිණියහ.

දුම්රිය ස්ථානාධිපතිවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලෙන නිසා දුම්රිය ස්ථානවලින් දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් නොකිරිම හේතුවෙන් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි සියළුම වන්දනාකරුවන් ප්‍රවේශපත්‍ර නොමැතිව හැටන් දුම්රිය ස්ථානය දක්වා පැමිණ සිටිහ.
(24) දිනයේද උඩරට මැණිකේ සහ පොඩි මැණික් දුම්රියෙන් ශ්‍රි පාදය කරුණා කිරිමට විශාල වන්දනාකරුවන් පිරිසක් පැමිණි බවත්, එම පිරිසටද දුම්රියෙන් ගමන් කිරිමට ප්‍රවේශපත්‍ර නිකුත් නොකල බවයි දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.

ශ්‍රි පාදය කරුණා කිරිමට දුම්රියෙන් පැමිණි සියළුම වන්දනාකරුවන්ට හැටන් දුම්රිය ස්ථානයේ සිට නල්ලතන්නිය දක්වා ගමන් කිරිමට හැටන් ලංගම ඩිපෝව මගින් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර තිබුණි.

(Aruna)