Saturday, May 02, 2026
Follow Us
පොලිසියේ සිදු කළ වෙඩිතැබීමෙන් නිලධාරීන් තිදෙනෙක් මරුට

ස්ථානාධිපති ඇතුළු දෙදෙනෙක් රෝහලට


තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළ සිදුකළ වෙඩි තැබීමකින් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

එම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

එම වෙඩි තැබීම ඊයේ (24) රාත්‍රීයේ සිදුකර ඇති අතර ඉන් පොලිස් ස්ථානාධිපති ඇතුළු තවත් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

සැකකරු පසුව ඇතිමලේ පොලිස් ස්ථානය වෙත භාරවී තිබුණි.

(Aruna)