ආගම කවදා හෝ දේශපාලනයට යටවන්නේ නම් එය ආගම පාවාදීමක් බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
කූඨ සහ වංචනික වෙළඳුන්ගෙන් පාරිභෝගික ජනතාවට සිදුවන අසාධාරණකම් වැළැක්වීම සඳහා එළඹෙන උත්සව සමයේ වැටලීම් දැඩිකිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ පුහුණුකාර මණ්ඩලයට එක්කර ගැනීමට අවධානය යොමුවී තිබෙනවා.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කොළඹ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට පස්වරු 6 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.
අප්‍රිකානු කලාපයේ රටවල් 6 ක සිට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුළුවීමට පනවා තිබූ තහනම ඉවත් කළේ කුමන පදනමකින් දැයි මෙතෙක් කරුණු හෙළි නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
නව ලේබලය යටතේ ගෑස් සමාගම් නිකුත් කළ ගෑස් සිලින්ඩර සම්බන්ධ අනතුරු ද මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා.
Page 322 of 749