බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී සොයා ගැණුනු අත්බෝම්බය සම්බන්ධයෙන් මේ වනවිට ප්‍රකාශ 14 ක් සටහන් කර ගෙන ඇති බව පොලිස්පති සී ඩී වික්‍රමරත්න පවසනවා.
පවතින ඩොලර් හිගය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,700කට වැඩි ප්‍රමාණයක් කොළඹ වරායේ තවදුරටත් සිරවී ඇති බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවන අක්‍රමිකතා පිළිබද සොයා බැලීමට ජනපති කොමිසමක් පත් කරන්නැයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ විදුලි උත්පාදනය සඳහා වැඩි වශයෙන් ජලය ලබාගතහොත් ඉදිරි යල කන්නයේදී වී වගාවටද බලපෑම් එල්ල විය හැකි බව සහල් නිෂ්පාදකයින් පවසනවා.
බටහිර ඉන්දීය කොදෙව් දූපත් හිදි පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගය ලකුණු 40කින් ජය ගැනීමට සමත් වුණා. ඒ, ස්කොට්ලන්ත කණ්ඩායම පරාජය කරමින්.
නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා මෙරට කතෝලික ජනතාවට අත් වූ අවාසනාවන්ත ඉරණම ඉතිහාසයෙන් මකා දමා අත පිසදා ගැනීමට පාලකයන් කෙතරම් උත්සාහ දැරූවද එම උත්සාහය සාර්ථක නොවන බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්වරයා පවසනවා. පාස්කු ප්‍රහාරය මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාවක් බවට ලඝු කිරීමට කෙතරම් උත්සාහ ගත්තද දිනෙන් දිනම සත්‍යය හෙලිදරව් වෙමින් තිබෙන බවද කාදිනල්වරයා පවසනවා.
බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීම පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා කරන ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ඔහු සැඟවුණු න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කරන්නේ යැයි පැහැදිලිව මෙම සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන බවත් කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් තරයේ ප්‍රකාශ කරයි.
අභිනව ජනාධිපති ලේකම්වරයා වශයෙන් ගාමිණී සෙනරත් මහතා ජනවාරි 19 වනදා වැඩ භාරගනු ඇති බව වාර්තා වේ.
Page 321 of 764