රටක පෙරගමන්කරුවන් විය යුත්තේ උගතුන්, විද්වතුන් බවත් ඒ වෙනුවට සොල්දාදුවන් රටේ පෙරගමන්කරුවන් කරගත් සමාජයක් කිසිදිනෙක දියුණු වී නොමැති බවත් හිටපු හමුදාපති, ජනරාල් දයා රත්නායක මහතා පවසයි.
ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් ප්‍රියංක ප්‍රනාන්දු RWP USP වසර තිස් පහක පමණ සේවා කාලයකින් පසු සේවයෙන් විශ්‍රාම ගියේය. විශ්‍රාම යන විට ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවක මණ්ඩල කටයුතු පිලිබඳව අධ්‍යෂක ජෙනරාල්වරයා ලෙස මෙන්ම යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ලෙසද කටයුතු කරමින් සිටියේය. ඔහු 58 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස ද කලක් කටයුතු කර ඇති අතර යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක් ද දරා ඇත.
රට තුළ උද්ගතව ඇති ඩොලර් හිඟය හේතුවෙන් කිරිපිටි ආනයනය යළිත් ගැටළුකාරී තත්වයකට පත්ව ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දියර පොහොර ඇතුළත් බූලි කිහිපයක් පුපුරා යාම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. නෙත් නිවුස් කළ විමසීමකදී එහි ලේකම් ජේ්‍යෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පැවසුවේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙසට ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට නියෝග කළ බවයි.
සිය ගැටළුවලට ද බලධාරීන් මෙතෙක් විසඳුම් ලබා නොදීම හේතුවෙන් වයඹ පළාතේ රෝහල්වල සෞඛ්‍ය සේවකයින් අද වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපූරක වෙද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.
කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (10) දිනයේදීද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.
Page 316 of 742