Wednesday, September 02, 2026
Follow Us
දේශබන්දු වෙනුවට පලිහක්කර එයි

පොලිස්පති දින 14කට තීන්දුවක් ගනී


බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වැඩබැලීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් පත්කර තිබේ.

පොලිස්පති සි.ඩි වික්‍රමරත්න මහතා විසින් නියෝජ්‍ය පොලිස්පති ඩී.ජේ පලිහක්කාර මහතා වැඩබලන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් පොලිස්පතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත්තේ අද සිට දින 14ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි බව සඳහන්ය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නිවාඩු අවසන් කර නැවත රාජකාරී සඳහා වාර්තා කරන තෙක් අදාළ පත්කිරීම සිදුකර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

Aruna