වෙළඳපලේ කුකුළු මස් සහ බිත්තර මිල ගණන් සීග්රයෙන් ඉහළ ගොස් ඇතැයි සමස්ථ ලංකා කුකුළු ව්යාපාරිකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති අජිත් ගුණසේකර පැවසුවේ බඩඉරිගුවල හිගකම සහ අමුද්රව්ය ලබාගැනීමට ඇති අපහසුතා මෙම තත්ත්වයට හේතු වූ බවයි.
ශ්රී ලංකාව සහ ඔස්ට්රේලියාව අතර පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ක්රිකට් තරගාවලියේ අවසන් තරගය අද පැවැත්වෙනවා. ඒ, පල්ලේකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගනයේදීයි. තරගය අද රාත්රී 07 ට ආරම්භ වීමට නියමිතයි.
ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම තවදුරටත් සීමා සහිතව සිදුවන බව නෙත් නිවුස් කළ සොයාබැලීමකදී හෙළි වුණා. ඒ, රට තුළ පවතින ඉන්ධන සංචිත ප්රමාණය අඩුවීම හේතුවෙන්. සමාන්යයෙන් දිනකට ඩීසල් සහ පෙට්රල් මෙට්ට්රික් ටොන් 5,000 ක් පමණ බෙදා හැරියද මේ වන දිනවල එම ප්රමාණය මෙට්ට්රික් ටොන් 2,000 ක් දක්වා සීමා කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.
LITRO Gas Lanka Ltd has announced that there will be no domestic gas distribution today.
පුණර්ජනනීය බලශක්තිය මෙරට තුළ නිසි පරිදි ක්රියාත්මක නොවීම හේතුවෙන් රටට දැවැන්ත පාඩුවක් සිදුවූ බව බලශක්ති ක්ෂේත්රයේ විශේෂඥයින් පවසනවා. ඔවුන් කියා සිටියේ දැන් හෝ පුණර්ජනනීය බලශක්තියට ශ්රී ලංකාව යොමු නොවුන හොත් පවතින අර්බුදය තවත් තීව්ර වනු ඇති බවයි.
පසුගිය මැයි 09 වනදා ගාලු මුවදොර සහ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැත්වෙන විරෝධතාවයට පොලීසිය ජල සහ කඳුලු ගෑස් ප්රහාරයක් එල්ල කර තිබේ.
ගෑස් සඳහා මිල සූත්රයක් හඳුන්වාදිය යුතු බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති ඉංජිනේරු විජිත හේරත් නෙත් නිවුස් කළ විමසීමකදී සඳහන් කළේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල සහ ඩොලරයේ මිල උච්ඡාවචනය වීම සලකා මිල සූත්රයක් ක්රියාත්මක කළ යුතු බවයි.
Page 264 of 769