ප්‍රචණ්ඩත්වය නිර්මාණය කර එම ප්‍රචණ්ඩත්වය හරහා තමන්ට සිදුවූ හානි පියවීම වෙනුවෙන් මහජන මුදලින් වන්දි ලබාගැනීමට දේශපාලඥයින්ට කිසිසේත් ඉඩනොදිය යුතු බව පැෆරල් සංවිධානය පවසනවා.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල වී ඇත්තේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත ය.
මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකර රාජකාරි පැහැර හරිමින් විනාශයට මගපෑදූ නිලධාරීන්ව අත් අඩංගුවට නොගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙනයන දෙබිඩි පිළිවෙල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.
Another one and half month will be consumed to overcome the current gas shortage situation in the country, the LITRO Gas Lanka said.
ජාතික පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා තවදුරටත් ළමුන් ඇතුලත් කරන බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේද කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලකට සිසුන් සිව් දෙනෙකු ඇතුලත් කර ඇති බවයි වාර්තා වුණේ. ඒ, 2, 3, 4 සහ 7 යන ශ්‍රේණි සඳහායි.
සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදුකළහොත් ලබන 25 වනදායින් පසු කිසිදු පූර්ව දැනුම් දීමකින් තොව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට බරපතළ අනතුරු හැඟවීමක් සිදුකර තිබේ.
බම්බලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් එම් ආර් ප්‍රසන්න පානදුර කොට්ඨාශය වෙත ස්ථාන මාරුකර තිබෙනවා. ඒ, සාමාන්‍ය රාජකාරී සඳහායි. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරු කිරීම සිදුකර තිබෙනවා.
සාමාන්‍ය ජනතාව දින ගණන් පෝලීම්වල රැදී සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පොලිස් ප්‍රවාහන කොට්ඨාශයට අයත් නාරාහේන්පිට පිරවුම්හලෙන් ඉන්ධන ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
රට තුළ මේවනවිට ඖෂධ තොග සහ ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසනවා. එම සංගමය පෙන්වා දෙන්නේ මේවනවිට රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළුව ඖෂධ ගණනාවක සහ දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය ශල්‍ය උපකරණවල දැඩි හිඟයක් පවතින බවයි.
Page 256 of 749