ඉන්ධන ප්‍රවාහනයේදී තමන්ට ආරක්‍ෂාව ලබාදෙන්නැයි පොලිස්පතිවරයාගෙන් අද දිනයේ ඉල්ලීමක් කරන බව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ ටැංකි රථවලට ඉකුත් දින කිහිපයේ ඇතැම් පිරිස් කළ බාධාවන් සැලකිල්ලට ගනිමින් මෙලෙස ආරක්‍ෂාව සපයන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
භූමිතෙල් සැපයීම ඉදිරියේදී සීමා කිරීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
වෙළඳපලට නිකුත් කරන ගෑස් සිලින්ඩර ප්‍රමාණය අද දිනයේදී අඩුවනු ඇතැයි ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර 60,540 ක් අද දිනයේ වෙළඳපලට නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ.
පවතින ගෑස් අර්බුදය විසදීමට තවත් මාසයකට අධික කාලයක් ගතවනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එහි සභාපති විජිත හේරත් නෙත් නිවුස් වෙත කියාසිටියේ මේ වනවිට රට තුළ විශාල ගෑස් අවශ්‍යතාවක් පවතින බවයි. ලක්‍ෂ 35කට අධික හිස් ගෑස් සිලින්ඩර් සංඛ්‍යාවක් මේ වනවිට රට තුළ පවතින බව ද ඔහු කියාසිටියා.
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
වෙළඳපොලේ කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් සිල්ලර මිල රුපියල් 1000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
මෙරටට ඩොලර් අවශ්‍යම මොහොතක, රටට ඩොලර් ලැබෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන අපනයන ක්ෂේත්‍රයට මේ වන විට පෙර නොවූ විරූ බලපෑමක් එල්ලවී තිබෙනවා. ඒ, ඩීසල් හිඟය හේතුවෙන්. ඒ සමඟම මේ වන විට අපනයන බහාලුම් ප්‍රවාහනය කිරීමට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.
Page 255 of 749