Wednesday, May 06, 2026
Follow Us
ඩීසල් බෙදාහැරීම අද සිට

ඉන්ධන නොමැතිවීමෙන් පිරවුම්හල් අසල දිගු පෝලිම්


දිවයිනට පැමිණි ඩීසල් නෞකාවෙන් ඉන්ධන බෙදාහැරීම් කටයුතු අද (27) සිට සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා පවසයි.

ඒ අනුව ඉදිරි දින කිහිපයේදී ඩීසල් බෙදාහැරීම් කටයුතු නිසි පරිදි සිදුකිරීමට හැකිවන බව කොළඹ අද(27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් පිරවුම්හල් නිසි පරිදි ඉන්ධන ඇණවුම් කළත් මේ වනවිට එම ඉන්ධන තොග ලැබී නොමැතිවීම හේතුවෙන් තවදුරටත් පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබේ.

 

Aruna