ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිත ඡන්ද විමසීමේදී කිසියම් අපේක්ෂකයෙකු සියයට පනහකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමට අපොහොසත් වුවහොත් දෙවන මානාපය තීරණාත්මක වන බව ජනාධිපති නීතීඥ යු ආර් ද සිල්වා පවසනවා.
ඊයේ (13) බත්තරමුල්ල, පොල්දූව මං සන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම අසල පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් පොලිස් නිලධාරියෙකුට සහ හමුදා නිලධාරියෙකුට පහරදී ටී 56 ගිනිඅවියක් සහ උණ්ඩ 60ක් පැහැරගෙන ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
හදිසි නීතිය පැනවීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි ඕනෑම පුරවැසියකුට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව පවතින බව නීතිවේදීන් පවසනවා. නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම පැවසුවේ රට තුළ පනවා ඇති හදිසි නීතිය දින 10ක් තුල පාර්ලිමේන්තුවේදී සම්මත නොකළහොත් එය දින 14ක් තුළ ඉවත් වන බවයි
රට තුළ නිර්මාණය වී ඇති දේශපාලන අස්ථාවරත්ව හේතුවෙන් රටේ ආරක්ෂාවට මෙන්ම මහජන ජීවිතය ද දැඩි තර්ජනයට පත්ව ඇතැයි ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් පවසනවා.
පවතින නොසන්සුන්තා සහ ඩීසල් හිගය හේතුවෙන් බස් රථ ධාවනයට අද දිනයේද බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් සියයට 10 ක පමණ බස් රථ ප්‍රමාණයක් පමණක් අද දිනයේ ධාවනයට එක් කර ඇති බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ.
ස්ථාවර ආණ්ඩුවක් නුදුරේදීම ඇති නොවුන හොත් රට වසා දැමීමකට ඉඩ ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ අනතුරු අඟවා ඇති බව BBC ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ මේවනවිට පවතින මහජන විරෝධතා සහ නොසන්සුන්කාරී තත්ත්වයන් හමුවේ මෙරට සංචාරක ක්ෂේත්‍රයට තවදුරටත් බලපෑම් එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
Page 220 of 742