ඉදිරි දෙසතිය තුළ මෙරටින් විශාල වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු ඇතුඑ කරුණු ගණනාවක් ඊට හේතුවිය හැකි බවයි.
ඉන්ධන අර්බුදය රටම නතර කර ඇත්තේය. ආණ්ඩුවේ කන්තෝරු වැඩ කරන්නේ සතියට දවස් තුනකි. විභාග කටේ තිබුනත් පාසැල්ද පැවැත්වෙන්නේ සතියට දින තුනකි.පෞද්ගලික බස් රථ වලින් ධාවනය වන්නේ 15% කි. දිනකට අවලංගු කරනා දුම්රිය ගමන් වාර ගණන සියය ඉක්මවයි. මේ සියල්ලට හේතුව ඉන්ධන අර්බුදයයි. අප කටට හුරු නිසා ඉන්ධන අර්බුදය ලෙස හැඳින්වුවද අර්බුදය ඇත්තේ ඩොලර්වල මිස ඉන්ධනවල නොවේ. අර්බුදයේ හේතුව කුමක් වුවත් ප්‍රතිඵලය ලෙස රටේම වැඩ නතරව ඇත.
ආර්ථික අර්බුදය උග්‍රවීම හේතුවෙන් ඇඟළුම් කර්මාන්තශාලා වැසී යන තත්ත්වයක් උද්ගතවී ඇතැයි වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය පවසනවා. එහි කැඳවුම්කරු ගාමිණී රත්නායක පැවසුවේ
මේවනවිටත් ඇඟළුම් කර්මාන්තශාලා කිහිපයක් වසා දමා ඇති බැවින් සේවකයන් විශාල පිරිසකට සිය රැකියා අහිමි වී ඇති බවයි.
බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී සොයා ගැනුණු අත්බෝම්බය තබන ලද්දේ එවක රජයේ බලවතුන් විසින් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
ඉන්ධන ලබාදිම වෙනුවෙන් විවිධ ක්‍රමවේදයන් හඳුන්වාදී ඇති නමුත්, ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා මේවනතෙක් කිසිඳු නිශ්චිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා.
Page 213 of 742