කෝච්චියේ ඇපල් වෙළෙන්දෝ ආගිය අතක් නෑ
සල්ලිකාරයොත් දැන් ගන්නේ පේර, දිවුල්, වෙරළු
සපුගස්කන්ද තෙල් පිරිපහදුව යලි ආරම්භ කිරීම සඳහා මෙරටට ආනයනය කරන ලද්දේ ප්‍රමිතියෙන් හොදම තත්ත්වයේ බොරතෙල් වර්ගයක් නොවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසනවා.
පාස්කු ප්‍රහාරය සිදු වී මාස 40ක් ගත වුවද ඒ සම්බන්ධයෙන් තවමත් යුක්තිය ඉටුවී නොමැති බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
දැනට බිඳවැටී ඇති නොරොච්චෝලේ තාප බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය නැවතත් පද්ධතියට එක් කිරීමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.
එහි දෝෂය හඳුනාගැනීම සඳහාත් තවත් දින තුනක් පමණ ගතවනු ඇති බවයි එම සංගමයේ ලේකම් යූ. ජී. නිශාන්ත මහතා සඳහන් කළේ.
එම බලාගාරය ස්ථාපිත කර වසර 12ක් ගතව ඇතත් තවමත් එහි නඩත්තු කටයුතු සිදුකරන්නේ චීන ජාතික ඉංජිනේරුවන් විසින් පමණක් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
නොරොච්චෝලේ තාප බලාගාරයෙහි පළමු ජනන යන්ත්‍රය අක්‍රිය වුණේ පසුගිය සඳුදා (15) දිනයේදී ය. එහි දෙවැනි ජනන යන්ත්‍රය මීට මාසයකට පමණ පෙර සිට නඩත්තු කටයුත්තක් වෙනුවෙන් අක්‍රිය කර තිබේ. ඒ අනුව මෙම යන්ත්‍ර දෙක අක්‍රියව පැවතීම හේතුවෙන් ජාතික පද්ධතියට අහිමිව ඇති විදුලි ධාරිතාව මෙගාවොට් 630කි.
LNW
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වන විට සිදුකරමින් සිටින්නේ අරගලයේ නියමුවන් වූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින්,සමාජ ක්‍රියාකාරිකයින් සිරකරමින් විරෝධතා අඩපණ කර සිය විළි වසා ගැනීමට බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරයි.
අම්බලන්ගොඩ, දෙල්දුව ප්‍රදේශයේ හෝටලයක ඊයේ රාත්‍රි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
Page 210 of 749