මූල්ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ අත්අඩංගුවේ සිටින තිළිණි ප්රියමාලි සහ ඇයගේ පෙම්වතා බව පැවසෙන ඉසුරු බණ්ඩාර යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මැණික් ව්යාපාරිකයකු සමග ඉන්දියාවේදී අඹුසැමියන් ලෙස හැසිරී ජංගම දුරකතනයෙන් එය වීඩියෝ කර එම වීඩියෝව නිවැසියන්ට පෙන්වන බවට තර්ජනය කර රුපියල් ලක්ෂ හැත්තෑවක කප්පමක් ඉල්ලූ බව කියන කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් හා කතක් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල – යක්කලමුල්ල – මාගෙදර ප්රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගොස් සිව් හැවිදිරි දරුවකු සහ තවත් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
ප්රකෝටිපතියන් රවටා රුපියල් බිලියන ගණනක් වංචා කළ තිකෝ සමූහ ව්යාපාරයේ හිමිකාරිය තිලිණි ප්රියමාලි සිය අනියම් පුරුෂයා සමග සුඛෝපභෝගී විදෙස් සංචාර 08ක යෙදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඊයේ (18) දන්වා සිටියේය.
ඊයේ (18) රාත්රී 08.30 ට පමණ වව්නියාව, නැදුන්කර්නි, ශිවානගර් ප්රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වූ ඛණිජ තෙල් නිෂ්පාදන විශේෂ විධාන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගත හැකි සියලු පියවර ගන්නා බව ඛණිජතෙල් වෘත්තීය සමිති පවසනවා. ඛණිජතෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල පැවසුවේ ඒ සඳහා ඕනෑම වෘත්තීය සමිතියක් සමග කොන්දේසි විරහිතව එක්වන බවයි.
පවතින ආර්ථික අර්බුදයත් සමග සිසුන් පාසල් වෙත පැමිණිමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. පාසල් ගුරුවරුන් සම්බන්ධ කරගනිමින් සිදු කෙරුණු සමීක්ෂණයකදී එම තොරතුරු අනාවරණ වූ බවයි පේරාදෙණිය විශ්වවිද්යාලයේ ආර්ථික හා සංඛ්යාන විද්යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.
අනුරාධපුර, අටමස්ථානාධිපති උතුරු මධ්යම දිසාවේ ප්රධාන සංඝනායක, සද්ධම්ම ජෝතික ධජ, ආචාර්ය පූජ්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නායක හිමියන් අපවත් වී තිබෙනවා. ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදීයි. අපවත් වන විට උන්වහන්සේ 69වන වියෙහි පසුවුණා.
Page 201 of 769