සංචාරක හා ඉඩම් සහ මහජන ආරක්ෂක යන අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙන් හා උසස් පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂක කමිටුවක් පත් කිරීමටත්, අදාළ කමිටුව මගින් දෙසතියක් තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳව වූ වාර්තාවක් සකස් කිරීමටත් තීරණය කර තිබේ.
කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දහවල් පැවැත්විණි.
ග්‍රාමීය ණය සහ සමාජ ආරක්ෂණ දැල සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය.
බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රෙය් විදේශ රැකියා අවස්ථා ඉලක්ක කරගෙන පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා වන පුහුණු ආයතනයක් සහ, පුහුණු පාඨමාලා ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවලියක් පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත ඉදිරිපත් කර තිබේ.
පනාගොඩ යුද හමුදා කඳවුර තුළදී සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සාමාන්‍ය සෙබළකු අද (24) සියදිවි හානි කරගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අවිවාහකයෙකු බව පොලීසිය කියයි.
මෙම සෙබළා අද පස්වරු 4ට පමණ යුද හමුදා කඳවුරේ භට නිවාසය ඉදිරිපිටදී මෙසේ සිය ගිනි අවියෙන් වෙඩි තබා ගෙන තිබේ.
බරපතළ තුවාල තත්ත්වයෙන් පසුවූ සෙබළා පනාගොඩ යුද හමුදා රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
2023.02.26 වන දින පැවැත්වෙන උද්ඝෝෂණයක් සම්බන්ධව ලබාගත් අධිකරණ නියෝගයක් පොලීසිය විසින් දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා - ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ඊයේ (23) තේරි පත්විය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් The Technical Intern Training Program (TITP) සහ Specified Skilled Worker Program (SSW) වැඩසටන් සහ එකී වැඩසටහන්වලට අවස්ථාව සලසා දෙන ජපානයේ ආයතන ප්‍රවර්ධනය කිරීම පිණිස Japan International Trainee & Skilled Worker Cooperation Organization (JITCO) ආයතනය සමග එකඟතාවකට පැමිණ තිබේ.
ජාතික හැදුනුම්පත් හා විදේශ බලපත්‍රලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ආසන පහසුකම් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (23) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා හා අධ්‍යාපන ලේකම් විසින් වෘත්තීය සමිති නායකයන් මුණ ගැසී අද (24) සාකච්ඡාවක් පවත්වා තිබේ.
මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම තහනම් බවත් , ජාතික ජනබලවේගයේ පෙළාපාලිය පොලිස් නවතා දැමුවද ඔවුන් පැවැත් වු ජනහමුවට කිසිදු බාධායක් සිදු නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ජනතාව භූ කම්පනයන් සිදු වූ අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම් සහ අත්පත්‍රිකාබෙදා හැරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි.
ඇමරිකා එක්සත් ජනපදයේ යූ.එස්.නිවුස් ආයතනයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය 901 වන ස්ථානයට පත්ව ඇතැයි එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේ ඇතුළු 62දෙනෙකුට අද (27) අධිකරණයෙන් ඇප ලබාදී ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ අනුග්‍රහය මත ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියා ලබා දෙන බව පවසමින්, රාජ්‍ය ලාංඡනය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලාංඡනය යොදා සකස් කරන ලද ව්‍යාජ අයදුම්පත්‍ර තරුණයින්ට ලබාදෙමින්, තරුණ පිරිස් මුලාවට පත්කල පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී පසුගිය 22 දින අත්අඩංගුවට ගෙන තිබේ.
කොරියානු රැකියා ලබා දීම සඳහා පැවැත්වීමට නියමිත විභාග වන නිෂ්පාදන අංශයට අදාළ කොරියානු භාෂා විභාගය මාර්තු 13 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ධීවර ක්ෂේත්‍රයේ භාෂා ප්‍රවීණතා විභාගය සැප්තැම්බර් 01 වැනිදාට පැවත්වීමට සැලසුම් කර තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි.
Page 147 of 749