Thursday, September 11, 2025
Follow Us
බතලගොඩ වී පර්යේෂණ ආයතනය මහජනතාවට නැරඹීම සඳහා විවෘත වෙයි

බතලගොඩ වී පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයේ අස්වනු නෙළීම අද (19) ආරම්භ වන බැවින් එම අභිජනන මධ්‍යස්ථාන භූමිය මහජනතාවට නැරඹීම සඳහා විවෘතව තැබීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

ඒ අනුව අද සහ හෙට දක්වා මහජනතාවට මෙම අභිජනන මධ්‍යස්ථානය සහ ගොවිපළ කටයුතු නිරීක්ෂණය කළ හැකිය. විශේෂයෙන් ගොවි ජනතාවට නව කෘෂිකාර්මික තාක්ෂණය, අලුත් වී වර්ග සහ නව නිපැයුම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා බතලගොඩ වී පර්යේෂණ ආයතනයට පැමිණෙන්නැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.