Saturday, September 13, 2025
Follow Us
Social and Equity
2013 වසරේ පුද්ගලයෙකුගෙන් වාහනයක් ලබා ගෙන රුපියල් රුපියල් ලක්ෂ 80ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින තිලිණි ප්‍රියමාලි නැමැත්තියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජුනි මස 05 සහ 07 යන දිනවල කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබෙයි
Social and Equity

2023.02.26 වන දින පැවැත්වෙන උද්ඝෝෂණයක් සම්බන්ධව ලබාගත් අධිකරණ නියෝගයක් පොලීසිය විසින් දැනුම් දී ඇත.

Social and Equity

ශ්‍රී ලංකා - ඇමෙරිකානු එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී  චන්දිම වීරක්කොඩි මහතා ඊයේ (23) තේරි පත්විය. 

Social and Equity

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් The Technical Intern Training Program (TITP) සහ Specified Skilled Worker Program (SSW) වැඩසටන් සහ එකී වැඩසටහන්වලට අවස්ථාව සලසා දෙන ජපානයේ ආයතන ප්‍රවර්ධනය කිරීම පිණිස Japan International Trainee & Skilled Worker Cooperation Organization (JITCO) ආයතනය සමග එකඟතාවකට පැමිණ තිබේ.

Social and Equity

ජාතික හැදුනුම්පත් හා විදේශ බලපත්‍රලබා ගැනීමට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් ආසන පහසුකම් ලබාදීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් පියවර ගෙන තිබේ.

Social and Equity

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (23) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා හා අධ්‍යාපන ලේකම් විසින් වෘත්තීය සමිති නායකයන් මුණ ගැසී අද (24) සාකච්ඡාවක් පවත්වා තිබේ.

Social and Equity

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක පෙළපාලි යාම සම්පුර්ණයෙන්ම තහනම් බවත් , ජාතික ජනබලවේගයේ පෙළාපාලිය පොලිස්  නවතා දැමුවද  ඔවුන් පැවැත් වු ජනහමුවට කිසිදු බාධායක් සිදු නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.

Social and Equity

මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල හා වැල්ලවාය ජනතාව භූ කම්පනයන් සිදු වූ අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කිරීම් සහ අත්පත්‍රිකාබෙදා හැරීමේ වැඩසටහනක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මූලිකත්වයෙන් පසුගියදා පැවැත්විණි.

Social and Equity

ඇමරිකා එක්සත් ජනපදයේ යූ.එස්.නිවුස් ආයතනයේ විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය 901 වන ස්ථානයට පත්ව ඇතැයි එහි උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතා පවසයි.

Social and Equity

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේ ඇතුළු 62දෙනෙකුට අද (27) අධිකරණයෙන් ඇප ලබාදී ඇත.

Social and Equity

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ණ අනුග්‍රහය මත ඊශ්‍රායල් රාජ්‍යයේ සාත්තු සේවා රැකියා ලබා දෙන බව පවසමින්, රාජ්‍ය ලාංඡනය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලාංඡනය යොදා සකස් කරන ලද ව්‍යාජ අයදුම්පත්‍ර තරුණයින්ට ලබාදෙමින්, තරුණ පිරිස් මුලාවට පත්කල පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් බත්තරමුල්ල, දියත උයන පරිශ්‍රයේදී පසුගිය 22 දින අත්අඩංගුවට ගෙන තිබේ.

Social and Equity

කොරියානු රැකියා ලබා දීම සඳහා පැවැත්වීමට නියමිත විභාග වන නිෂ්පාදන අංශයට අදාළ කොරියානු භාෂා විභාගය මාර්තු 13 වැනිදා පැවැත්වීමට නියමිත අතර, ධීවර ක්ෂේත්‍රයේ භාෂා ප්‍රවීණතා විභාගය සැප්තැම්බර් 01 වැනිදාට පැවත්වීමට සැලසුම් කර තිබෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි.

Social and Equity

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) දහවල් පැවැත්විණි.

Social and Equity

ග්‍රාමීය ණය සහ සමාජ ආරක්ෂණ දැල සම්බන්ධයෙන් ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කාරක සභාවේදී සාකච්ඡා විය.

Social and Equity

පිළිකා රෝහලේ යන්ත්‍රයක් අලුත්වැඩියා කිරීම සඳහා ආනයනය කර තිබියදී රේගුව මගින් රඳවා ගත් උපකරණ තොගය වහාම මුදා හැරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

Social and Equity

බෝට්ටු නිෂ්පාදන ක්ෂේත්‍රෙය් විදේශ රැකියා අවස්ථා ඉලක්ක කරගෙන පුහුණු ශ්‍රමිකයින් බිහි කිරීම සඳහා වන පුහුණු ආයතනයක් සහ, පුහුණු පාඨමාලා ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවලියක් පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

Social and Equity

පනාගොඩ යුද හමුදා කවුර තුළදී සිය ගිනි අවියෙන් වෙඩි තබාගෙන සාමාන්‍ය සෙබළකු අද (24) සියදිවි හානි කරගෙන ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ මාතලේ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අවිවාහකයෙකු බව පොලීසිය කියයි.

මෙම සෙබළා අද පස්වරු 4ට පමණ යුද හමුදා කඳවුරේ භට නිවාසය ඉදිරිපිටදී මෙසේ සිය ගිනි අවියෙන් වෙඩි තබා ගෙන තිබේ. 

බරපතළ තුවාල තත්ත්වයෙන් පසුවූ සෙබළා පනාගොඩ යුද හමුදා රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

වෙඩි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Social and Equity

සියලු කරුණු පැහැදිලි කර තිබියදී මෙරට ලක්ෂ 42ක් දරුවන්ගේ සාමාන්‍ය අධ්‍යාපනය පිළිබඳ ව කටයුතු කරන අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයට කිසිදු පූර්ව දැනුම්වත් කිරීමකින් තොරව බලහත්කාරයෙන් ඇතුළු වී කලබලකාරී ලෙස හැසිරීම නිසා පොලීසිය විසින් අමාත්‍යාංශ පරිශ්‍රයට පැමිණ නීත්‍යනුකූලව කටයුතු කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.