"වයස අවුරුදු 16න් පහළ අන්තර් පාසැල් හොකී තරගාවලිය - 2023" පොළොන්නරුව රාජකීය විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී තෙදිනක් පුරා පැවැත්විණ.
මෙවර චීනයේ පැවති 04 වන ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ දී පදක්කම් 11 ක් දිනාදෙමින් මව් බිමට අභිමානයක් හා ගෞරවයක් ගෙනදෙමින් දිවයිනට පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, කළමනාකරුවන් ඇතුලු කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොලේ දී උණුසුම් ලෙස පිළිගැනිණ.
මාතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 100 දෙනෙකු රැකියාගත කිරීමට අදාළ පුහුණු වැඩසටහන miq.shod මාතර දිස්ත්‍රික් ලේකම්, නීතීඥ වයි. වික්‍රමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර මැද්දවත්ත කාර්මික විද්‍යාලයේ දී ආරම්භ කෙරිණි.
මින් ඉදිරියට ත්‍රිපිටක ධර්මයත් බුද්ධ චරිතයත් විකෘතියට පත් කරමින් මින් ඉදිරියට අනර්ථ දේශනා නොපවත්වන බවට සිරි සමන්තභද්‍ර හිමියෝ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක සංඝ සභික නාහිමිවරු ඉදිරියේදී පොරොන්දු වූහ.
යාන්ඔය වම් ඉවුරු ඇළ ව්‍යාපෘතිය යටතේ ගොවිතැන අහිමිව අසරණව සිටි ගොවි පවුල් සඳහා සිය ආර්ථිකය යථාවත් කරගැනීම සඳහා කල්ගතවෙමින් පැවති 2020/21 මහ කන්නයේ සිට 2023 යල් කන්නය දක්වා වූ වන්දි ප්‍රදානය කිරීම පදවිපරාක්‍රමපුර බහු කාර්ය ගොඩනැගිලි ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.
ගාලු දිස්ත්‍රික්කයේ තාරුණ තරුණියන්ගේ සිහින සැබෑ කරගැනීමට සහයවීමට අපේක්ෂා කරමින් රැකියා පොළක් ඊයේ (19) ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල හොල් ඩී ගෝල් ශාලාවේදී ආරම්භ විය.
පළාත් පාලන ආයතන මගින් ව්‍යාපාර සදහා නිකුත් කරන වෙළෙඳ බලපත්‍ර ලබා ගැනීමෙන් පසු අදාළ බලපත්‍රලාභීන් ඉල්ලුම් කළ ව්‍යාපාරික කටයුත්තම එම ස්ථානවල පවත්වාගෙන යනවාදැයි වාර්ෂිකව සොයා බලන ක්‍රමවේදයක් දියත් කරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පළාත් පාලන කොමසාරිස්වරියට දැනුම් දී තිබේ.
නොරොච්චොලේ හා කල්පිටිය ප්‍රදේශය කෘෂිකාර්මික කලාපයක් ලෙස නම් කරන්නැයි එම ප්‍රදේශයේ ගොවි ජනතාව කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
යාපනය, නයිනතිව් දූපතේ පිහිටි ඓතිහාසික නාගදීප පුරාණ රජ මහා විහාරස්ථානයේ වාර්ෂික කඨින පුණ්‍ය මහෝත්සවය ඔක්තෝබර් මස 30 සහ 31 දෙදින ශ්‍රී ලංකා නාවික හමුදාවේ බැතිබර දායකත්වයෙන් සාර්ථකව පැවැත්විණි.
අනුරාධපුර රුවන්වැලි සෑයේ චූඩාමාණික්‍ය සහ එහි පාදමේ මැණික් ඉවත් කර ඒ වෙනුවට ව්‍යාජ මැණික් ඇතුළත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමෙන් මහජන කැලඹීම් මතු කිරීමට උත්සාහ කළ බවට චෝදනා කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගම්පහ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි.
ගංවතුර හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ අවතැන්වූවන් සඳහා රුපියල් ලක්ෂ 25ක් වටිනා ද්‍රව්‍යාධාර ප්‍රදානය කිරීම මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) සිදු කෙරිණි.
2024 මාර්තු මාසයට යෙදී ඇති කීර්තිමත් කොළඹ වෙස්ලි විද්‍යාලයේ 150 වන සංවත්සරය වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.
මහනුවර වැව රවුම ඇතුලුව නගරයේ ආනරක්ෂිත ගස් හා අතු ඉවත් කිරීම මහනුවර මහ නගර සභාවේ මැදිහත්වීම මත මේ වන විට ආරම්භ කොට තිබේ.
කොත්මලේ හැදුණුවැව ක්‍රීඩාංගනයේ පොළොව යටින් ඇසෙන අද්භූත භයංකාර ශබ්දය හා ප්‍රදේශයේ පුරාණ කාලයේ සිට පැවැති එදිනෙදා පරිභෝජනයට ලබාගත් ජල මූලාශ්‍ර හිටිහැටියේ අතුරුදන් වීම පිළිබඳව කඩිනමින් පර්යේෂණයක් හා විධිමත් පරීක්ෂණයක් සිදු කිරීමට කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලගොඩ මහතා සඳහන් කරයි.
දීඝවාපි මහා සෑය ප්‍රතිසංස්කරණ අතරතුර හමු වූ සර්වඥ ධාතූන් වහන්සේලා හා දීඝවාපි මහා සෑ රඳුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍ය ලක්වැසි සැදැහැවත් ජනතාවට සියැසින් දැක වන්දනාමාන කිරීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් සිදුකෙරෙන “දීඝවාපී මහා සෑ ධාතූ වන්දනා” ඊයේ (31) ගැටබරු රජමහා විහාරය වෙත වැඩම කරවන ලදී.
ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ රැකියා ප්‍රමාණයෙන් දැනට පුහුණු ශ්‍රමිකයන් ලෙස විදේශගත වීම ඉතා දුර්වල මට්ටමක පවතින බැවින් පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීම සඳහා NVQ තත්ත්ව සහතිකය සහිත ශ්‍රමිකයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් බිහිකිරීම අරමුණු කරගත් සාකච්ඡාවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(18) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
Page 115 of 749