නුවරඑලිය වසන්ත සැණකෙළිය අප්‍රේල් මස 1වැනිදා සිට 30 වැනිදා දක්වා පැවැත්වීමට නුවරඑළිය මහ නගර සභාව සියලු කටයුතු සුදානම් කර තිබේ.
අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා සවස 5ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඉන්දියානු ණ්‍ය යෝජනා ක්‍රමය යටතේ ග්‍රාමීය මාර්ගවල පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා නව බස්රථ 500ක් ධාවනයට කිරීමේ වැඩසටහන යටතේ ගාල්ල, මාතර හා කළුතර එම දිස්ත්‍රික්කවල ඩිපෝ වෙත බස් රථ බෙදාදීම මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙවැනි ලප කැලැල් ඔබේ සිරුරේ දුටුවහොත් ඔබ බොහෝ වෙලාවට සිතනු ඇත්තේ එය සුළු දද කුෂ්ඨ රෝගී තත්ත්වයක් හෝ අළුහම් තත්ත්වයක් ලෙස නොවේ ද?
හලාවත නගරයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ඔවුන් පැවසුවේ හලාවත නගරයේ වෙළෙඳසැල් 3කින් මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොග හමුවූ බවය.
පසුව එම වෙළෙඳසැල්වලට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර තිබේ.
විදෙස් රටවලින් හොර රහසේ මෙරටට ගෙන්වා කල්ඉකුත්වීමේ සහ නිෂ්පාදිත දිනයන් ආදී වැදගත් තොරතුරු සඳහන් නොකර මිනිස් පරිභෝජනයට නුසුදුසු රසකැවිලි සහ චොකලට් දිවයින පුරා ඇතැම් වෙළෙඳසැල්වල අලෙවි කරන බව අනාවරණය වී ඇත.
ඒ අනුව මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් පසුගියදා ආරම්භ කළේය.
ඒ යටතේ පළමු වැටලීම සිදුකර තිබුණේ හලාවත ප්‍රදේශයේදීය.
ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ, විදෙස් රටවල්වලින් ගෙන්වා ප්‍රමිතියෙන් තොර චොකලට් සහ රසකැවිලි අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුම දිවයින පුරා සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.
ARUNA
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණ ආයතනය විසින් ඊයේ (29) මෑතක දී සිදු කරන ලද පර්යේෂණ කිහිපයක වාර්තා 05ක් එළිදක්වනු ලැබීය.
මෙම වසරේදී රුපියල් මිලියන 648ක් වැය කරමින් නිවාස ඒකක 864ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “සැමට නිවහන” ව්‍යාපෘතිය යටතේ එම නිවාස ඒකක ඉදිකිරීමට අපේක්ෂිතයි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පෙනහළු සහ හෘදයයන අවයව 02ම එකවර රෝගියෙකුට බද්ධ කළ අතර මෙය කොළඹ ජාතික රෝහලේ මෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවූ සුවිශේෂී සිදුවීමක් බව ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා පවසයි.
අලුත් අවුරුදු සමය වෙනුවෙන් වෙළදපලේ විශේෂ වැටලීම් මේවනවිට ආරම්භ කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් එස් අයි බෝපිටියගේ පැවසුවේ ආහාර සුරක්ෂිතතාවය සඳහා විශේෂ වැඩසටහන් රැසක් මේ වනවිට ක්‍රියාත්මක කරන බවයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම ප්‍රකාරව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවේ.
ඉන්දීය රජයේ ආධාර මත ජුලි මස වන විට සියලුම ලියාපදිංචි ආගමික ස්ථාන වෙත සුර්යය බලයෙන් විදුලිය ලබා දීමට අදාළව මූලික අදියරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත්, එතෙක් විදුලි බිල්පත ගෙවා ගැනීමට නොහැකිව බරපතළ ලෙස ප්‍රශ්න පවති නම් තමා වෙත දන්වන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
සිල්මාතා සංගමයේ ඊයේ (28) පැවැති රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඉන්දියාවේ, උත්තර ප්‍රදේශයෙහි වාරනාසි ප්‍රදේශයේ, හෝටලයක් තුළ දී ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක් වන ආකන්සා දුබේ ගෙල වැලලාගෙන මියගොස් සිටිය දී සොයාගෙන තිබේ.
කෝරලේ කංකානමලාගේ රවිඳු වර්ණරංගන නොහොත් බූරුමූණා නමැත්තා කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නීත්‍යනුකුල අත්අඩංගුවේ රඳවාගෙන සිටියදී අත්අඩංගුවේන් මිදී පැනයෑමට ආධාර අනුබල දීම, කුමන්ත්‍රණය කිරීම පලායෑමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්, රැකවරණය සලසා සඟවා තබාගැනීම ඇතුළු චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරුවන් 7 දෙනකු මෙමස 31 දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ඊයේ (24) නියෝග කර තිබේ.
සහල් අතිරික්තය අඩු ආදායම්ලාභීන්ට බෙදාහරින බවත් අඩු ආදායම්ලාභීන්ට තවත් සහන දීමට රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තවදුරටත් සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන ශ්‍රි ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය හා තමන් විසින් මීට පෙර ලබාගත් ලියාපදිංචිය දීර්ඝ කර ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සැලසීමට කාර්යාංශය මේ වන විටත් අවස්ථාව සලසා දී ඇත.
Page 112 of 718