නඩත්තුව සඳහා මහා භාණ්ඩාගාරය විසින් මුදල් ලබා නොදීම නිසා පවත්වාගෙන යාම අභියෝගයක්ව තිබූ සුවසැරිය ගිලන් රථ සේවාව තවදුරටත් පවත්වාගෙන යාම සඳහා පෞද්ගලික ආයතන හතළිස් එකක් සහ දානපතින් එකඟතාව පළ කර ඇත.
රුපියල් හත්දහසකට මිලදී ගත හැකි "ගැන්සයික්ලෝවියන්" නමැති ප්‍රති වයිරස එන්නත රුපියල් හැත්තෑහත්දහසකටත්, රුපියල් දෙසීයකට ඇති "ලිනොසොලිඩ්" නමැති ප්‍රතිජීවකය රුපියල් දෙදහස් දෙසීයකටත් මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සූදානම් වන බවට සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරන බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ජ්‍යෙෂ්ඨ ගුවන් නියමු උත්පල කුමාරසිංහ ඉතිහාසගතවන මතකයක් ඉතිරිකරමින් සිය සහෘද සේවකයින්ගේ හරසර මැදින් ගුවන් නියමුවෙකු ලෙස වසර 40ක සිය සේවය ඊයේ (31) නිම කළේය.
වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධීන්වලට සම්බන්ධ බොරැල්ල, Òවෙස්ටර්න් රෝහලÓ විසින් සිදු කර ඇති සැත්කම්වලට අදාළ ලේඛන ව්‍යාජ තොරතුරු ඇතුළත් ඒවා බව ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අභියාචනාධිකරණයට පසුගියදා (03) දන්වා සිටියේය.
මෙම රෝහලේ වකුගඩු සැත්කම් දහසක් පමණ සිදු කර ඇති අතර, එම සැත්කම්වලට සිදු කළ විමර්ශන අවසන් වී ඇති බවත් නීතිපතිවරයා සඳහන් කළේය.
බොරැල්ල, ‘වෙස්ටර්න් රෝහලේ‘ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් අත්හිටුවීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගත් තීරණයට එරෙහිව එම රෝහල ගොනු කර ඇති පෙත්සම
කැඳවූ අවස්ථාවේ දී අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා මේ බව සඳහන් කළේය.
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් ඉදිරියෙහි මෙම පෙත්සම කැඳවන ලදි.
එහි දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ සිය සේවාදායකයාගේ රෝහලේ වකුගඩු සැත්කම් අත්හිටුවීමට නිකුත් කර ඇති ලිපිය නිසා විශාල අසාධාරණයක් සිදු වී ඇති බවත් එම රෝහලේ සියලු කටයුතු මේ වන විට අකර්මණ්‍ය තත්ත්වයට පත්වී ඇති බවත්ය.
රෝහලේ සේවකයන් එකසිය හැත්තෑ දෙනකුට පමණ මේ වන විට රැකියා අහිමි වීමේ අවදානමක් ඇති අතර, මේ මස වැටුප පවා ගෙවා ගත නොහැකි තත්ත්වයකට පත්වී ඇති බව ඒ මහතා සඳහන් කළේය.
එබැවින් ලිපිය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඒ මහතා ඉල්ලා සිටියේය.
එහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා සඳහන් කළේ මෙම රෝහල සම්බන්ධයෙන් සත් දෙනකුගෙන් සමන්විත කමිටුවක් මඟින් විශේෂ විමර්ශනයක් සිදු කර ඇති බවත් එම විමර්ශන කටයුතු මේ වන විට අවසන් කර ඇති අතර, අදාළ වාර්තාව විරෝධතා සමඟ අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.
ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා අප්‍රේල් මස 18 වැනිදාට පෙර ගොනු කරන ලෙස නියෝග කළ අතර, ඊට එරෙහි ප්‍රතිවිරෝධතා අප්‍රේල් මස 24දා හෝ ඊට පෙර ගොනු කරන ලෙසට නියම කළේය.
මැයි මස හතර වැනිදා මෙම පෙත්සම නැවත කැඳවීමට තීරණය කෙරිණි.
වකුගඩු බද්ධ කිරීම සම්බන්ධයෙන් සිදු වූ ආන්දෝලනාත්මක සිද්ධීන් කිහිපයක් මත බොරැල්ල, Òවෙස්ටර්න් රෝහලේÓ සිදු කරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් අත්හිටුවීමට තීරණය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් නිකුත් කළේය.
මෙම ලිපිය නිකුත් කිරීමට පෙර කිසිදු විමර්ශනයක් සඳහා සිය රෝහල කැඳවා නැති බව ද මූලික විමර්ශනයකින් තොරව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ගනු ලැබූ මෙම තීරණය අසාධාරණ සහ අත්තනෝමතික සහ ස්වාභාවික යුක්ති මූලධර්මයට පටහැණි බව ද පවසමින් එම තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.
නීතිඥ සංජීව කලුආරච්චි මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා සහ හෆීල් පාරිස් සහ සහීඩා බාරී යන නීතිවේදීහු පෙත්සම්කාර රෝහල වෙනුවෙන් පෙනී සිටියහ.
Dinamina
ඩෙංගු ඇන්ටිජන් හා පූර්ණ රුධිර ගණන පරීක්ෂාව සඳහා රෝගීන්ගෙන් වැඩිපුර රුපියල් 1450 ක මුදලක් ලබාගත් දෙහිවල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්ෂ 15 ක දඩයක් නියම කර තිබෙන බව වාර්තා වෙයි .
ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා අභාවප්ප්‍රාප්ත වී තිබේ.
බත් පැකට්ටුව, කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද (05) සිට 20%කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.මෙම මිල අඩු වීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
අලුත් අවුරුදු සමයේ සහ නත්තල් සමයේ රියඅනතුරු වැඩි වශයෙන් සිදු වන බව ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ සම්පත් දායක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාර්ග ආරක්ෂාව පිළිබඳ විශේෂඥ කමිටුවේ සාමාජික ආචාර්ය සංජය පෙරේරා පවසයි.
බෝ නොවන රෝග වලින් මිදීම සඳහා ක්‍රියාශීලීභාවය ඉතා වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරින් බාලසිංහම් මහත්මිය පැවසුවාය.
බක් මස පුර පසළොස්වක පුන් පොහොය අදට යෙදී ඇති අතර මෙදින ද ශාසන ඉතිහාසයේ සුවිශේෂි පුන් පොහෝ දිනයක් ලෙස ඉතිහාසයේ සඳහන් වේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් (ප්‍රතිශක්තිකරණවේද විද්‍යාඥයන්) හය දෙනා අතරට තේරී පත්ව ඇත.
ආයුර්වේද සම්බාහන ශිල්පීන් උදෙසා ජාතික වෘත්තීය නිපුණතා මට්ටම් 04 (NVQ LEVEL 04) සඳහා ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දී තිබේ.
එළැඹෙන උත්සවය සමයේ ගෘහ ආශ්‍රිත සුළු නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින්ට කිසිදු මුදලක් ගෙවීමකින් තොරව මාර්ග දෙපස වෙළදාම් කිරීමට අවස්ථාව ලබා දී ඇති බව මහාමාර්ග හා ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි. ඒ් සම්බන්ධයෙන් එම වෙළෙඳුන් රජයට ස්තූතිය පළ කර සිටිති.
ලෝක ජනගහනයෙන් 70%කට වැඩි පිරිසක් පිරිසිදු ජලය සපයා ගැනීමේ අභියෝගයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
“ලෝකයේ පුද්ගලයන් හතර දෙනෙකුගෙන් තිදෙනෙකු ජීවත් වන්නේ ජල අනාරක්ෂිත රටවල. ජලය ආශ්‍රිත විපත්වලට වඩා වැඩි පිරිසක් මිය යන්නේ ආරක්ෂිත පානීය ජලය සහ සනීපාරක්ෂක සේවාවන් නොමැතිකමෙනි." යනුවෙන්ද එම වාර්තාවේ සඳහන් වේ.
එහි දැක්වෙන අන්දමට පාකිස්තානයේ 50%ක ජනතාව පානීය ජලය සපයා ගැනීමේදී දැඩි ගැටලුවලට මුහුණ දෙයි.
එක්සත් ජාතීන්ගේ ජල, පරිසරය සහ සෞඛ්‍ය ආයතනය ප්‍රකාශයට පත් කළ එම වාර්තාවේ දැක්වෙන්නේ පාකිස්තානය සහ තවත් රටවල් 22ක් “ජල අනාරක්ෂිත” කාණ්ඩයට ඇතුළත් කර ඇති බවයි.
එක්සත් ජාතීන්ගේ වාර්තාවට අනුව පාකිස්තානයට අමතරව සොලමන් දූපත්, එරිත්‍රියාව, සුඩානය, ඉතියෝපියාව, වනුවාටු, ඇෆ්ගනිස්ථානය, ජිබුටි, හයිටි, පැපුවා නිව්ගිනියා, සෝමාලියාව, ලයිබීරියාව, ශාන්ත කිට්ස් සහ නෙවිස්, ලිබියාව, මැඩගස්කරය, දකුණු සුඩානය, මයික්‍රොනීසියාව, නයිජර්, සියෙරා ලියොන්, යේමනය, චැඩ්, කොමරෝස් සහ ශ්‍රී ලංකාව යන රටවල ජනතාව ජීවත් වෙන්නේ ජල අනාරක්ෂිත පසුබිමකය.
කෙසේ වෙතත් ඩෙන්මාර්කය, ලක්සම්බර්ග්, ඔස්ට්‍රියාව, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, අයිස්ලන්තය, අයර්ලන්තය, ප්‍රංශය, ලිතුවේනියාව, ග්‍රීසිය, ජර්මනිය, එක්සත් රාජධානිය, එස්තෝනියාව, ඉතාලිය, ලැට්වියාව, ස්පාඤ්ඤය, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ක්‍රොඒෂියාව, චෙෂියාව, පෘතුගාලය සහ ස්වීඩනය ඉහළම මට්ටමේ ජල සුරක්ෂිතතාව ඇති රටවල් ලෙස ශ්‍රේණිගත කර ඇත.
Aruna
බදුල්ල ධර්මදූත මහ විදුහල සහ ඌව විදුහල අතර පැවති අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරගයට සමගාමීව සංවිධාන කළ රථ පෙළපාළියකදී කැබ් රථයක් පෙරළීයෑමෙන් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් 06දෙනෙකු තුවාල ලබා තිබේ.
මේ වසරේ ජුනි මස පළමුවැනිදා සිට ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, ප්ලාස්ටික් මල්මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් බීම බට සහ කලතන යන නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය, භාවිතය තහනම් කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ පැවසීය.
Page 111 of 718