Tuesday, May 20, 2025
Follow Us
දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළට

පවතින උෂ්ණාදික කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කුරුණෑගල , බදුල්ල හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක ඒ අතර වන බවයි.

ඒ අනුව, කුරුණෑගල ඒකක 102, බදුල්ල ඒකක 106 සහ අනුරාධපුර ඒකක 104, ලෙස වායු ගුණාත්මකභාවය පවතින බව සඳහන් වේ.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් එම ප්‍රදේශවල ජනතාව අවදානයෙන් කටයුතු කරන ලෙස වගකිව යුතු ආයතන දැනුම් දෙන්නේය.

Aruna