ඉදිරියේ දී එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතු ව සිසුන්ට ලබා දෙන බවත් උසුලාගෙන යෑම පහසු වන පරිදි පාසල් සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩු කිරීම එමගින් අපේක්ෂිත බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
"සුව ධරණී - සතිමත්භාවය - සති පාසල් සංකල්පය" නමින් පාසල් ළමුන් කේන්ද්‍ර කර ගත් වැඩපිළිවෙළක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාවට නංවා තිබේ.
විනාඩි 14ක කාලයකින් කිලෝමීටර දෙකක දුරක් පාගමනින් ගිය මස්කෙළිය සෙන් ජෝශප් දමිළ විදුහලේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන විග්නේෂ්වරන් ශස්මිකා දැරිය පෙරේදා (13) ගින්ස් වාර්තාවක් පිහිටුවීමට සමත් වූවාය.
ගාල්ලේ දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන යටතේ වාරිමාර්ග ඉදිකිරීම් ආරම්භ කර තිබේ.
අධ්‍යාපනය අතරමග දී සැකසිය නොහැකි අතර එය පෙරපාසලේ සිට ඉතා විධිමත් ව සැකසිය යුතු බවත් දිවයින පුරා විසිරී සිටින විවිධ වර්ගවල පෙරපාසල් 19,000ක සිටින 40,000ක් පමණ වන පෙරපාසල් ගුරුවරුන්ට නිශ්චිත වූ පුහුණුවක් හා ඩිප්ලෝමාවක් ලබා දී ඉදිරියේ දී එම විධිමත් සහතික අනුව පමණක් පෙරපාසල් ආරම්භ කිරීමට අවසරය ලබාදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ප්‍රවීණ මාධ්‍යවේදී, හඩකැවීම් ශිල්පී සහ රංගන ශිල්පියෙකු වූ ලාල් සරත් කුමාර මහතා අභාවප්‍රාප්ත වේ.
අඹන්ගඟ කෝරළයේ හා රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි ගම්මිරිස් වගාකරුවන්ගේ ගැටලු සොයා බැලිම සඳහා සහ රත්තොට සමුපකාර ග්‍රාමීය බැංකුවට ගම්මිරිස් පිරිසිදු කිරිමේ නව උපකරණ ලබාදීම කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමාගේ හා කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තානා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) රත්තොට අඹගස්තැන්න ප්‍රදේශයේ පැවත්විණි.
බුදුරජාණන් වහන්සේගේ පරම පිවිතුරු පා පහස ලත් උත්තුංග මහා පුණ්‍ය භුමියේ වැඩසිටිනා දීඝවාපි මහා සෑ රදුන් පෙර තිබු ශ්‍රී විභූතියෙන් දැකගැනීමේ අරමුණින් සිදුකෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
රජය සෑම මසකම සිදුකරන ඉන්ධන මිල සංශෝධනවලට අනුව ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදු නොවන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා නව සොයා ගැනීම් රැසක් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේ දී පසුගියදා නව එළවළු ප්‍රභේද තුනක් සහ පෝෂණ ගුණයෙන් ඉහළ සෝයා යෝගට් විශේෂයකුත් හඳුන්වා දුන්නා.
Hordi Bean 3
• මෙම නමින් බෝංචි ප්‍රභේදයක් කෘෂිකර්ම හඳුන්වා දී තිබෙනවා. මෙහි විශේෂත්වය නම් අස්වැන්න - 27 t/ha , නව නිර්දේශිත Hordi පොකුරු තක්කාලි ප්‍රභේද 02 මෙම පොකුරු තක්කාලි ප්‍රභේදයේ විශේෂත්වය වන්නේ ඝනකමැති මතුපිට පොත්තක් තිබීමයි. එමනිසා කල් තබා ගැනීම පහසුවන අතර හෙක්ටයාර් එකකට ටොන් 61ක පමණ අස්වැන්නක් ලබා ගත හැකියි. ගෙඩියක බර ග්‍රෑම් 85-100 පමණ වේ. ඝනකම් ඵලාවරණයක් සහිත ඵල දරන බැවින් කල් තබා ගැනීමේ හැකියාව වැඩිය.
• තද රතු පහැති මාංශයක් පවතින අතර ව්‍යංජන, සලාදවලට අමතරව ජෑම්,සෝස් වැනි සැකසූ ආහාර සදහාද සුදුසු වේ.
• ආරක්ෂිත ගෘහ තුල වගා කිරීමට වඩාත් යෝග්‍ය වේ
• මෙම ප්‍රභේදයේ බීජ නිශ්පාදනය කිරීමේ කටයුතු සහ ප්‍රභේදය ජනතාව අතර ප්‍රචලිත කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී. Hordi Mushroom Curly ඇමරිකන් ඔයිස්ටර් හා ඇබලෝනි යන බිම්මල් වර්ග දෙක යොදා ගනිමින් මෙම Hordi Mushroom Curly නැමැති බිම්මල් විශේෂය හදා තිබෙනවා. ප්‍රොටීන් බහුල මෙම විශේෂය වගාව සඳහා ගොවීන්ට හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා. සෝයා යෝගට් දරුවන්ගේ ඌණ පෝෂණ තත්ත්වය වළක්වා ගැනීම සඳහා පළමුවරට මෙරට නිෂ්පාදනය කෙරෙන සෝයා
යෝගට් ද හඳුන්වා දීම සිදු කළා. මෙම යෝගට්වල විශේෂත්වය නම් අඩු මුදලකට නිෂ්පාදනය කළ හැකි වීමත්, මෙය ප්‍රෝටීන් බහුල වීමත්ය.
මව්කිරි දීමේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් මව්කිරි දීම සහ එහි වාසි පිළිබඳව දැනුවත් කිරීම සඳහා සෑම වසරකම අගෝස්තු 01 සිට 07 දක්වා ලෝක මව්කිරි දීමේ සතිය සමරනු ලබයි.
පොලිස් නිලධාරීන් හා සිවිල් පුද්ගලයන් විසින් සිදු කරන ලද යහපත් ක්‍රියාවන් අගයමින් ඔවුනට ත්‍යාග හා ප්‍රශංසා පිරිනැමීම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී ඊයේ (31) පැවැත්විණි.
මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුලාමුරිප්පු, කච්චිලෛයිමඩු, කතලියාරු, ඕලුමඩු යන ප්‍රදේශවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන විවෘත කිරීම ඊයේ (03) නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.
ජාතික ගීය විකෘති කර ගායනා කළ බවට චෝදනා එල්ලවී ඇති ගායන ශිල්පිණී උමාරා සිංහවංශ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා තිබේ.
ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස ක්‍රම සහ විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
රතුගල ආදිවාසී නායක සුදා වන්නිල ඇත්තෝ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (04) මොණරාගලදී හමු විය.
මැඩියාව වෙල් යායේ අතරමංව සිටි මාස තුනක පමණ වයසැති වන අලි පැටියකු ආරක්ෂිතව නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයට භාර දීමට මහව වනජීවී බීට්ටු කාර්යාලය කටයුතු කර තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනට ලියාපදිංචි වී ඇති පැරණි බිතුසිතුවම් අඩංගු විහාරස්ථාන 874ක් වීඩියෝ හා ඡායාරූප වශයෙන් ගෙන දඹුල්ල බිතුසිතුවම් සංරක්ෂණ හා පර්යේෂණ මධ්‍යස්ථානයේ තැන්පත් කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
Page 102 of 726